මේ පිළිබඳ ව මූලික වාර්තා අද උදේ ලැබුණු පසු කොළඹ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රැස්වෙලා ඒ ඇමතිතුමත් නිලධාරීන් එක්කත් ඉදිරි පියවර ගැන සාකච්ඡා කළා. විපතින් ජීවිත හානි වූ අය වෙනුවෙන් තුවාල ලත් අය වෙනුවෙන් ඒ එක්කම දේපල හානි වූ අය වෙනුවෙන් ඒ උදවියටත් පවුල්වලටත් සහනය ලබාදෙන ක‍්‍රියාමාර්ග ගැන එකඟත්වයකට ඇවිල්ල ඒ කොමිටියෙන් ඒ ගැන ජනතාව දැනුම්වත් කරයි. ජනාධිපතිතුමත් මේ අය ගැන සාකච්ඡා කරල තියෙනවා. කුණු කන්ද ඉවත් කිරීමට ජනතාවට අපි දුන්න පොරොන්දුව කිසිසේත්ම අයින්වෙලා නැහැ. ඊට අවශ්‍ය සැළසුම් වේගයෙන් ක‍්‍රියාත්මක කරගෙන යනවා. මම ජනාධිපතිතුමා සමඟ මේ ගැන සාකච්ඡා කළාම මීටත් වඩා ඉක්මනින් අපි ක‍්‍රියාත්මක කළ යුතුයි කියල ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා.
පසුගිය මාස කිහිපය තුළ එස්. එම් මරික්කාර් මන්ත‍්‍රීතුමාගේ යෝජනා කිහිපයක් පිළිගත්තා. ඒවත් ඒ සැළසුම්වලට ඇතුළුවෙලා තියෙනවා. ඒක සීඝ‍්‍රයෙන් අපට ක‍්‍රියාත්මක කරන්න තියෙනවා. මේ කුණු කන්ද ඉවත් කිරීමේ සැළසුම් සියල්ල පරිසරයට හිතකර ඒවා. නීතියට අනුකූල ඒවා. කුණු කන්ද ඉවත් කිරීම නිසා කිසිම ප‍්‍රදේශයේ පරිසරයට හානියක් හෝ පරිසර දූෂණයක් සිදුවන්නේ නැහැ. ඒවා බොරු කතා. මේ නිසා ප‍්‍රධාන ප‍්‍රශ්නය විසඳීමට රජය ක‍්‍රියා කරනවා. ඒක රජයේ වගකීමක්. අහිංසක ජනතාවගේ ජීවිත වලින් මීට වන්දි ගෙවිය යුතු නැහැ. අපි ඒවා සටන්පාඨ අරගෙන කොළොන්නාවේ ජනතාව බිල්ලට දෙන එක අනුමත කරන්නේ නැහැ. මේ අපිට තිබෙන්නේ විශේෂයෙන් ම අපේ ජනතාව ගැන බලලා සහන ලබලා දෙන්න. විශේෂයෙන් ම මේ නිවාස නැතිවෙන අයට, ඉවත්කරන අයට අපි සාධාරණ වන්දියක් දෙන්න ඕනේ තමන්ගේ නිවාස ලබාගන්න. ඇත්ත වශයෙන් ම සෑහීමකට පත්විය යුතු විසඳුමක් තමයි අපි එතනින් ලබාදෙන්නේ. නැත්නම් ඒ ජීවිත ඉදිරියට ගෙනයන්න අමාරුවෙනවා.