අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති හෙට වියට්නාම් නිල සංචාරයක

    අප්‍රේල් 15, 2017

    වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු  (Nguyen Xuan Phuc) මහතාගේ ආරාධනයක් මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට (16) සිට ලබන 19 වන දා දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

    වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේ දී වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වියට්නාම් අග්‍රාමාත්‍යවාරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජයවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya