මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල්දෙණිය මූලික රෝහලට නව ගොඩනැගිලි සංකීර්ණයක්

    අප්‍රේල් 13, 2017

    ජයිකා මූල්‍ය ආධාර සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ ඉදිකෙරුණු නවීන ශල්‍යාගාර සංකීර්ණයකින්, දැඩි සත්කාර ඒකකයකින් මෙන්ම අධිකරණ වෛද්‍ය ඒකකයකින් සමන්විත පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ  (11) විවෘත කෙරිණි.

    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.


     
    නව වාට්ටු සංකීර්ණය සදහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.

     

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.

     

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද, ජපාන වැඩබලන තානාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් සහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද වීරකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya