අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආර්ථිකය සමඟ සෙල්ලම් නොකර,අලුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමට සියලු දෙනා අත්වැල් බැඳගමු

    අප්‍රේල් 07, 2017

    ජතික ආර්ථිකයේ සාර්ථකත්වයක් ඇති වුණොත් රට සීග්‍ර සැබෑ සංවර්ධනයකට යොමු වෙනවා.ජාතික ආර්ථිකය සමඟ සෙල්ලම් නොකර එකට වැඩකරලා,අලුත් ශ්‍රී ලංකාවක් බිහිකරන්න සියලු දෙනා අත්වැල් බැඳගෙන කටයුතු කරමු යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, සුරාබදු ආඥා පනත යටතේ නිවේදන දෙකක් විවාදය සඳහා ඉදිරිපත් කරමිනි.


    සුරාබදු ආදායම කෝටි 16800ක් දක්වා වැඩි වී තිබෙනවා.ආදායම වැඩි වී තිබෙන්නේ සිදු කෙරෙන  විමර්ශන නිසයි. අපි තැබෑරුම් ප්‍රමාණය අඩු කරගෙන යනවා. අපට ලැබුණු දායාදය තමයි ණය.අප රට බාර ගත් ආර්ථිකයේ ආදායම මදි වුණා ණය ගෙවන්න. ආදායම උපයන ක්‍රම නිල මට්ටමින් වර්ධනය වී තිබෙනවා.සියයට 10.3%ක් වූ දළ දේශීය නිෂ්පාදනය දැන් සියයට 14% ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. පිරිසිදුභාවයකින් ආදායම එකතු කිරීම හේතුවයි.

     

    අපේ රටේ ආර්ථිකය ඉදිරි දැක්මක් සහිතව ගමන් කරමින් තිබෙනවා. එය ඇතැම් අයට දරා ගන්න බැරිව තිබෙනවා.එදා ජනතාව අපට ජන වරමක් ලබාදුන්නේ, වැරැදි නිවැරැදි කරගන්නයි. ආයෝජන තරමක් වැඩි වී තිබෙනවා. පළමු මාස දෙක තුළ ආයෝජන වැඩි වී තිබෙනවා.අපේ ණය ප්‍රාග්ධනයක් බවට පත් කරගත යුතුයි.වරාය විකුණනවා කියනවා.එදා නිකම්ම දුන්නා.

     

    මූල්‍ය විනයක් තිබෙන නිසා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීමට පටන් ගෙන තිබෙනවා. රට නිවැරැදි දෙසට නිවැරැදි නායකත්වයක් සමඟ ගමන් කරන විට ආයෝජනය වැඩි කර රට නිවැරැදි මාර්ගයට ගෙන ඒමයි සිදු කරන්නේ. ජාතික ආර්ථිකය සමඟ සෙල්ලම් නොකර එකට වැඩකරලා, අලුත් ශ්‍රී ලංකාවක් බිහිකරන්න සියලු දෙනා අත්වැල් බැඳගෙන ජතික ආර්ථිකයේ සාර්ථකත්වයක් ඇති වුණොත් රට සීග්‍ර සැබෑ සංවර්ධනයකට යොමු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya