අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නසිරි වික්‍රමනායක මැතිතුමා දේශපාලඥයින් ගණනාවක් නිර්මාණය කළා

    අප්‍රේල් 07, 2017

    රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මහජන දේපළ පූජනීය වස්තුවක් ලෙස සැළකූ බවත් දේශපාලඥයින් ගණනාවක් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා නිර්මාණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ ය.

    අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ කල්තබන ලද ශෝක යෝජනාව අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් විදුර වික්‍රමනායක මහතා මේ බව ප්‍රකාශ කළේ ය.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් මේ පිළිබඳව සාක්ෂි දරනවා. පියාණන්ගේ ගුණ දින දෙකක් පුරා මේ සභාවේ දෝංකාරය දුන්නා. පියාණන් කාලයට බොහොම ගරු කළ කෙනෙක්. පාර්ලිමේන්තු සම්ප්‍රදායට රටේ ජනතාවට මෙන් ම කාලයටත් ගරු කළා.

    එතුමා වංචාව දූෂණය නාස්තිය බලය අයුතු ලෙස භාවිතය හෙළා දැක්කා මිස වචනයක්, සිතුවිල්ලක්වත් නාස්ති කළේ නෑ. එතුමා ප්‍රතිපත්ති පාවා දුන්නේ නෑ. නායකත්වයට විරුද්ධ වුණේ නෑ.නිරන්තරයෙන් රට වෙනුවෙන් ක්‍රියා කළා. එතුමා ශ්‍රී ලාංකීය ජාතිකත්වයට ගරු කළා. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුයි කියන ස්ථාවරයේ සිටියේ.

    මමත් බස් එකේ ගියේ. මහජන දේපළ පූජනීය වස්තුවක් ලෙස එතුමා සැළකුවා. මේ රටේ අතීතය, අනාගතය, වර්තමානය  සම්බන්ධ කරගත් දේශපාඥනයෙක් සිටියා නම් ඒ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විඳුර වික්‍රමනායක මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya