මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු ප‍්‍රහාරය ජනපති හෙළා දකී

    අප්‍රේල් 06, 2017

    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ උමං දුම්රිය ස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුකෙරුණු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ හෙළා දකී.

    රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳ පුවත අසා තමා දැඩි ශෝකයට පත්වූ බවයි.

     

    මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයත්, ජනතාවත් රුසියානු රජය සහ ජනතාව සමග අත්වැල් බැඳ සිටින බව ද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

     

    අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙත සිය බලවත් සංවේගය පළ කරන ජනාධිපතිතුමා, තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya