නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉක්මනින් සම්මත කර ගැනීමට හැකි පාර්ලිමේන්තුවක් නිර්මාණය වී තිබෙනවා

    මාර්තු 23, 2017

    රටේ සියලු දෙනාට සාධාරණ සමාජයන් තුළ ජීවත්වන අවස්ථාවන් ලබාදීමට අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉතාම ඉක්මනින් සම්මත කර ගැනීමට හැකි පාර්ලිමේන්තුවක් නිර්මාණය වී තිබෙන බවත් එය ඉක්මනින් සිදු කළ යුතු බවත් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.



    විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා..

    පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය හැටියට මේ රටේ ව්‍යවස්ථා සංශෝධන සඳහා හෝ අලුත් ව්‍යවස්ථාවක් කරා හෝ මේ රටේ සියලු දෙනාට සාධාරණ සමාජයන් තුළ ජීවත් වන අවස්ථාවන් ලබාදෙන්නට අවශ්‍ය කරන ඉතාම ඉක්මනින්  ජනතාව තෝරාගත් විදියට ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්මත කර ගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නිර්මාණය වී තිබෙනවා.

    තුනෙන් දෙකකට වැඩි බලයක් සහිතව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා, මේ රටේ දෙමළ භාෂාව කතා කරන ජනතාවට අවශ්‍ය කරන 13 සංශෝධනයට අවශ්‍ය වන්නා වූ බලය බෙදීම කියන කාරණය සඳහා තුනෙන් දෙකේ බලය පාර්ලිමේන්තුවේ තිබෙනවා. මේ වෙලාවේ අපි සම්මත කර ගත්තේ නැත්නම් අපි කරන්නේ අනාගතයට කරන ලොකු අපරධනයක්. අපි සාකච්ඡා කරමු.

    මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමානව සළකන්න පුළුවන් ව්‍යවස්ථාවක් සකසන කාර්යභාරයට නැවත වරක් ජාතිවාදය උළුප්පාගෙන විවිධ ආකාරයෙන් බාධා කිරීම් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya