නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික යුද්ධය ජයගැනීමට බාධාවක් වූ අල්ලස, දූෂණය සීග්‍රයෙන් නැති කළ යුතුයි

    මාර්තු 22, 2017

    ආර්ථික යුද්ධය ජයගත යුතු බවත් එයට බාධාවක් වූ අල්ලස හා දූෂණය සීග්‍රයෙන් නැති කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (22)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනාව විවාදයට එක් වෙමිනි.

    අපට අවශ්‍ය අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නයි. දේශපාලනය අමතක කර ආර්ථික යුද්ධය ජයගත යුතුයි. එයට බාධාවක් වූ අල්ලස හෝ දූෂණය සීග්‍රයෙන් නැත්තටම නැති කළ යුතුයි.අද බලන්න විවෘතභාවය. දැන් රටේ ජනතාවට සංවර්ධනය කරන්න හදන්කොට කෑගහනවා. සියලු දෙනා එකතුවෙලා රට සංවර්ධනයට එකතුවන්න. රටේ පිරිසිදු පාලනයක් ඇති කිරීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා  ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya