අග්‍රාමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් ද සොයිසා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
2015 දෙසැම්බර් මස 31 වන විට රජයේ මුලු ණය බර රුපියල් බිලියන 8503.02කි. දේශීය ණය බර රුපියල් බිලියන 4959.02ක් වන අතර විදේශ ණය බර රුපියල් බිලියන 3544ක්. 2015 වසරේ රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය ප්‍රතිශතයෙන් සියයට 70%කි.එබැවින් 2015 වසර තුළ ණය වාරික සහ පොළිය සඳහා රජය විසින් රුපියල් බිලියන 1318ක් වැය කළ අතර එය රජයේ සමස්ත ආදායමේ ප්‍රතිශතයක් ලෙස සියයට 91%ක් විය.
2004 වසරේ මධ්‍යම රජය සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස සියයට 102% ව තිබුණා. 2004 අපේ ණය දෙස බලනවා නම් විදේශ ණය වලින් සියයට 96%ක් සහනදායි කොන්දේසිවලටයි ලැබුණේ. සියයට 4%යි වාණිජ ණය ලෙස ලැබුණේ. විදේශ ණයවලින් සියයට 50%ක්ම වාණිජ මට්ටමේ ණයයි.
පසුගිය දසක කාලසීමාව තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩයල,මාර්ග සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකා ගුවන් සමාගම, සෘජුව ණය ගෙන තිබෙනවා. 2006 සියලු ණය ලබාගෙන තිබෙන්නේ රාJය ආයතවලින්. ඉන් කොටසක් ඇතුළත් කර නෑ. 2005 වසරේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222ක් වුණා. 2014 වසර අවසන් වනවිට සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391ක් දක්වා වර්ධනය වී තිබෙනවා. යුද්ධයට වඩා වර්ධනය වෙලා. ඇයි මේ ණය වැඩි වුණේ කියලා හොයන්න අවශ්‍යයි. 2009 සිට 2014 වසර දක්වා රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3230කින් වැඩි වී තිබෙනවා. 2005 වසරේ සිට 2014 වසර දක්වා රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5169ක් වෙලා. මේ කාලයේ ණය දෙගුණයක් වී තිබෙනවා.
මේ ණය වැඩි වීමට හේතුව කිසිවෙක් දැන නොසිටි අතර මෙම ණය ගැනීම පිළිබඳව හෝ මෙතරම් විශාල ණය ප්‍රමාණයක් ලබාගත්තේ කුමන හේතුවක් නිසා ද යන්න කිසිවෙකු දැන සිටියේ නෑ. 2015 වසරේ නව රජය බලයට පත් වූ පසු මේ ණය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය වුණා. රාජ්‍ය ණය පද්ධතියට ඇතුළත් නොකර සඟවා තිබූ විශාල ණය ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු ද අනාවරණය වුණා.
2015 වසර අගදී ගෙවීමට තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8503ක් ලෙස නිල වශයෙන් වාර්තා වී තිබුණා. මේ මුදලින් රුපියල් 4449ක් මෙම ආපසු ගෙවීම, අස්තමේන්තුගත පොළිය රුපියල් බිලියන 562කි.රජයේ ව්‍යවසාය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර නොතිබූ අතර එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 960කි.මෙම ණය ප්‍රමාණය ජාතික ණය ප්‍රමාණයට එකතු කළ හොත් සමස්ත ජාතික ණය ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගැනීම නොවැළැක්විය හැකිය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තම සේවක සේවිකාවන්ගේ අර්ථසාධක අරමුදලට හා භාරකාර අරමුදලට බිලියන 13ක් ගෙවා නෑ. වර්තමාන ඇමැතිතුමා ඒවා ගෙවීමට ගන්නා උත්සහය අපි අගය කළ යුතුයි.
මේ දැවැන්ත ණය ප්‍රමාණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. මේ රටේ මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවටයි රටටයි අපි කරුණු කියනවා. අපෙන් අහනවා ණය වලට මොකද වුණේ කියලා. රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව වෙත ලැබී තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ සිටින්නේ ජනතා නියෝජිතයන්. පසුගිය රජය ලබාගත් ණය පිළිබඳව පාර්ලිමේන්තුවටවත් වාර්තා කර නෑ.පසුගිය රජය හිතුවක්කාර අන්දමට මූල්‍ය පාලනය සිදු කර ඇති බව පේන්නේ. ජනතා නියෝජිතයන් හෝ ජනතාව දැනුවත් කර නෑ. ඔවුන් විසින් පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හෑල්ලුකර තිබෙනවා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී අයවැය කාර්යාලයක් පිහිටුව පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය පිළිබඳව වඩාත් අර්ථවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 2015 අප බලයට පත් වූ පසු සහන රැසක් ලබාදුන්නා. බදු සහන රැසක් ලබාදුන්නා. රජය බලයට පත් වූ පසු සුදු අලියෙක් වී තිබූ හම්බන්තොට වරාය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමටත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ප්‍රතිව්‍යුහගත කිරීම, බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට රජය විසින් ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා.
රාජ්‍ය ආයෝජන අපේක්ෂිත මට්ටමේ පවත්වාගන්නා අතර පුනරාවර්ථන වියදම් ඉහළ යෑම වළක්වා ගැනීමට රජයේ වියදම් සුදුසු පරිදි කළමනාකරණයට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව 2020 වන විට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5% දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 11,000ක පමණ මුදලක් 2017 සිට 2026 කාලය තුළ ණය වාරික හා පොළිය වශයෙන් ගෙවිය යුතුව තිබෙනව. නමුත් ඉහත ක්‍රියාමාර්ග හරහා දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය මැදි කාලීනව තවදුරටත් අඩු කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.මේ රටේ ජනතාව ණය පිළිබඳව දැනුවත් කර තිබෙනවා. ණය ප්‍රශ්නයට මුහුණ දෙන්න ජනත සහාය අවශ්‍යවෙනවා. අපි සූදානම් නෑ ඊළඟ පරපුරේ අනාගතය උකස් තියන්න. ණය ගන්න තව සිදුවෙනවා.2015 සිට ගත් ණය ගෙවනන් වැඩපිළිවෙලක් සකස් කරනවා. මේ රටේ අපනයනය වැඩි කරලා, සංචාරක ව්‍යාපාරය වැඩි කරලා. ජී.එස්.පි. ප්ලස්වලින් පසුව අපේ අපනයන ආදායම වැඩිවෙනවා. අලුත් ආයෝජන කීපයක් තිබෙනවා ලංකාවට එන්න. අපිට අවස්ථාව තිබෙනවා අපි ගත් ණය ගෙවන්න. අපි මුදල් ගන්නේ අපිට ආපසු ගෙවීමට පුළුවන් නිසයි. 2015 සිට ගන්නා ණය ගෙවීමට හැකි වෙනවා. අපි මීටවඩා දියුණු විය යුතුයි.
රාජ්‍ය ආයතන විකුණා දැමීමේ කිසිදු සැලැස්මක් නෑ.රාජ්‍ය ආයතනවලට තව තවත් පුද්ගලික මුදල් ලබාගෙන ඉන් මුදල් උපයා ගන්නයි බලාපොරොත්තු වන්නේ. විකිණීමට වුවමනා නෑ. මේව දියුණු කර ඉදිරියට ගෙන යන්නයි අවශ්‍යයයැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.