සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලික වෛද්‍යවිද්‍යාල ගැටලුවට ජනපති විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කරයි

    පෙබරවාරි 12, 2017

    පුද්ගලික වෛද්‍යවිද්‍යාල සම්බන්ධ ගැටලුවට විසඳුම් සැලසීමේදී ඒ පිළිබඳ නිර්දේශ ලබාගැනීම සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  තීරණය කරයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ (11)  ජනාධිපති නිලනිවසේදී පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

     

    මෙම සාකච්ඡාවේදී මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කරගනිමින් මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ වෛද්‍ය සංගම් නියෝජිතයන් දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත කරුණු දැක්වූ අතර අදාළ ගැටළුවට විසඳුම් ලබාදීමේදී සැලකිල්ලට ගතයුතුව ඇතැයි ඔවුන් අදහස් කරන යෝජනා මාලාවන් දෙකක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත භාරදෙන ලදී.

     

    එහිදී දෙපාර්ශවය වෙතින්ම ඉදිරිපත් වූ අදහස් පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව තම ස්තුතිය පළකරන ලද අතර මෙම ගැටළුවට විසඳුම් ලබාදීමේදී ඊට අදාළ සියලුම පාර්ශවයන් වෙතින් මෙන්ම රටේ අනෙකුත් ක්ෂේත‍්‍ර නියෝජනය කරන විද්වතුන්ගේ ද යෝජනා හා නිර්දේශ සැලකිල්ලට ගැනීමට තමන් අදහස් කර ඇති බව සඳහන් කළේය.

    ඒ අනුව සියලු පාර්ශවයන් වෙතින් ලබාදෙන යෝජනා හා නිර්දේශ ජනාධිපතිතුමා විසින් පත්කරන විශේෂ විද්වත් කමිටුවකට යොමුකිරීමට නියමිත අතර එම විද්වත් කමිටුව මගින් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති වෛද්‍ය පී.එස්.එම්.ඒ.බී පාදෙණිය, එහි ලේකම් වෛද්‍ය එච්.එන්.ඩී සොයිසා, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, එහි ලේකම් වෛද්‍ය විපුල වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya