සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ප‍්‍රතිපාදනවල ප‍්‍රමුඛතා හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතුයි - ජනපති

    පෙබරවාරි 11, 2017

    අධ්‍යාපනය සඳහා කොතෙක් ප‍්‍රතිපාදන වෙන් කෙරුණ ද පාසල්වල පවතින මූලික අවශ්‍යතා ඉටු නොවීම බරපතළ ගැටලූවක් බවත්, වෙන් කෙරෙන ප‍්‍රතිපාදන වැය කළ යුතු ප‍්‍රමුඛතා හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවත්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට වසර 50 ක් පිරීම වෙනුවෙන් පැවති සමරු උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමිනි.

    පසුගිය වසරේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහා වෙන් කළ මුදල් අවශ්‍ය පමණට වැඩි බැවින් වෙනත් විෂයයන් සඳහා යෙදවීමට ඇතැම් පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් අවසර ඉල්ලා සිටි බවත්, එතරම් මුදල් ලැබී තිබියදී පවා බොහෝ පළාත් පාසල්වල වැසිකිළි කැසිකිළි, ඩෙස් බංකු වැනි මූලික අවශ්‍යතා පවා සම්පූර්ණ වී නැති බවත්, ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    එවක 1967 වසරේ කොළඹ  ජනප‍්‍රිය පිරිමි පාසල් වෙත පැවති අධික තදබදයට විසඳුමක් ලෙස අයි.එම්.ආර්. ඊරියගොල්ල මහතාගේ මූලිකත්වයෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ආරම්භ කෙරුණු අතර ඉතා කෙටි කාලයක් තුළ එය ඉතා ජනප‍්‍රිය පළමු පෙළ පිරිමි විද්‍යාලයක් බවට පත් කිරීමට ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති අයි.ආර්.ටී. අලස් මහතා සමත් විය.

    සියලු ජනවර්ග සහ ආගමික ඇදහීම්වලට අයත් දරුවන්ට සමානයින් ලෙසට අධ්‍යාපනය ලැබිය හැකි සහ සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම අධ්‍යාපනය ලැබිය හැකි ප‍්‍රමුඛ බාලක පාසලක් වන ඩී.එස්. සේනානායක විද්‍යාලය වාර්ගික සහ ආගමික සංහිඳියාව පිළිබඳ උණුසුම් ආදර්ශයක් සපයන අධ්‍යාපන ආයතනයක් ද වෙයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන යටතේ ඩී.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    පනස් වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරය සහ මුල් දින කවරය තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර පනස් වන සංවත්සරය වෙනුවෙන් සැකසුණු සියපත සඟරාව, ස්වර්ණ පුස්තකය සහ සමරු තිළිණය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම විද්‍යාලයේ විදුහල්පති ඒ.එම්.එම්. රත්නායක මහතා අතින් සිදුවිය.

    මහාසංඝරත්නය ප‍්‍රමුඛ සර්ව ආගමික නායකයින්, අකිල විරාජ් කාරියවසම්, සුසිල් පේ‍්‍රමජයන්ත්, එරාන් වික‍්‍රමරත්න යන මැති ඇමතිවරුන් ද ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයින්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින්, දෙමාපියන් ඇතු`ථ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya