නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සියලු දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරයි

    පෙබරවාරි 10, 2017

    ජනතා සේවය ඉටුකිරීමේදී බෙදී වෙන් නොවී රට වෙනුවෙන් වූ සාමුහික වගකීම ඉටුකරන ලෙස ජාතික වශයෙන්, පළාත් වශයෙන් මෙන්ම දිස්ති‍්‍රක් වශයෙන් සිටින සෑම දේශපාලනඥයෙකුගෙන්ම තමා ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    රටේ සංවර්ධන වැඩපිළිවෙළේදී සහ රට වෙනුවෙන් වූ වැඩපිළිවෙළේදී බෙදීම සහ වෙන්වීම සුදුසු නොවන අතර සියලු ජනතාව වෙනුවෙන් රට ගොඩනැගීමට සියලු දේශපාලනඥයින් එකට එක්විය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයින් සමඟ  ඊයේ  (09) කොටගල, සී.එල්.එෆ්. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමිනි.

     

    රජයක් ලෙස කටයුතු කිරීමේදී සෑම පුරවැසියෙකු දෙසම බලන්නේ එකම අයුරින් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මහජන ගැටලු විසඳමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී පක්ෂයක්, ජාතියක්, ආගමක් හෝ ගෝත‍්‍රයක් නොමැති බව ද කියා සිටියේය.

     

    රටේ ජීවත්වන සෑම ජන කොටසකටම සාධාරණ සමාජයක ජීවිත්වීමට ඇති අයිතිය සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයක් ලෙස කටයුතු කරන බව ද පැවසු ජනාධිපතිතුමා ජනතාව දිළිඳුකමින් නිදහස් කර ගනිමින් ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් උදාකරදීම රජයේ අරමුණ බව ද කියා සිටියේය.

     

    නුවරඑළිය දිස්ති‍්‍රක්කය ඇතුළු කඳුකරයේ ජීවත්වන ජනතාවගේ ගැටලු විසඳීමට රජය විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    මෙම හමුවට එක්වූ ජනාධිපතිතුමා ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

     

    කෘෂි උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක් ද මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතවත්ව ඊට එක් විය.

     

    අනතුරුව ජනාධිපතිතුමා පක්ෂ සාමාජිකයින් සමග ද සුහද කතා බහක නිරත විය.

     

    අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්, පී. රාමේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya