නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණා මල්ලවආරච්චි උපහාර උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජනවාරි 27, 2017
    ප‍්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් වූ උපහාර උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්විණි.
     
    වසර 50 ක සිය සිනමා රංගන ජීවිතය තුළ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශී‍්‍ර ලාංකේය සිනමාවට සිදු කළ සේවාව අගයමින් උපහාර තිළිණයක් පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    “සිනමාවේ ගැහැණිය ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමාභිමානය” සමරු ග‍්‍රන්ථය ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.
     
    අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ශී‍්‍ර ලාංකික රසිකයින්ගේ පමණක් නොව ජාත්‍යන්තරව ද ආදරය දිනාගත් විශිෂ්ට සිනමා චරිතයක් බවයි. ශී‍්‍ර ලාංකීය සිනමා ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් තවත් විශිෂ්ට සේවාවක් ඉටුකිරීමට එතුමියට හැකිවේවායි ද ජනාධිපතිතුමා මෙහිදී සිය සුභාශීංසන පළ කළේය.
     
    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා රංගන ශිල්පීන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya