අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව, හින්දු සම්ප්‍රදායානුකූලව තෛපොංගල් උත්සවය පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් ළමුන් 1000කට පාසල් උපකරණ බෙදාදීම ද මෙහිදී සිදු විය.
මේ අවස්ථවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්තාපන, නැවත පදිංචිකිරීමේ හා හිංදු ආගමික කටයුතු අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන්, කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන්, ජතික සහජිවන සබදතා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගානේෂන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.