නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැඩෙට් නිලධාරින් අධිකාරියට පත්වීමේ සහ ආධුනිකයින්ගේ විසිරයාම ජනපති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 13, 2017
    ගුවන් හමුදා කැඩෙට් නිලධාරින් අධිකාරියට පත්වීමේ සහ ආධුනිකයින්ගේ විසිරයාමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨයේ දී පැවැත්විණි.
     
    අද පෙරවරුවේ ත්‍රිකුණාමල චීන වරාය විද්‍යාපීඨය වෙත ගිය ජනාධිපතිතුමා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ගුවන් හමුදා ප්‍රධානින් විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ආචාර පුදකරමින් උත්තමාචාර පෙළපාළියක් ද පැවැත්විණි. 
     
    ''සුරකිමු ලකඹර'' තේමාව යටතේ නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්‍යයට උරදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජික, සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 56 වන කැඩෙට් නිලධාරි පාඨමාලාව හා අංක 08 වන කැඩෙට් නිලධාරිණි පාඨමාලාව හැදෑරූ නිලධාරී, නිලධාරිණියන් අධිකාරියට පත් කිරීම, 84 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨාමාලව හැදෑරූ කැඩෙට් නිලධාරින් හට පියාසර නිල ලාංඡන පැළඳවීම සහ අංක 162 වන නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 32 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදෑරූ ගුවන් භටයන් හා ගුවන් කාන්තාවන් විසිරයාමේ පෙළපාළිය මෙලෙස පැවැත්විණි. 
     
    මෙම පාඨමාලාවන්හි සුවිශේෂි දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරි නිලධාරිණියන් හා ආධුනික ගුවන් භට, ගුවන් කාන්තාවන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අභිමානවත් අයුරින් පැවැත්වුණු ගුවන් හමුදා සංදර්ශනයකින්, විචිත්‍ර සරඹ සංදර්ශනයකින් සහ පැරෂුට් සංදර්ශනවලින් ද මෙම උළෙල වර්ණවත් විය. 
     
    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් පී.ඩී.කේ.ටී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya