නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් සමාජයක් ගොඩනැගීම නීතිය තුළින් පමණක් නොහැකියි - ජනපති

    ජනවාරි 03, 2017
    යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් හැකියාවක් නොමැති අතර ඒ සඳහා තිබෙන ප‍්‍රබල ම ශක්තිය වන්නේ අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනය මත පදනම්ව සමාජය පෙළගැස්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දුෂ්කර ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට පුණ්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.
     
    අඩු පහසුකම් සහිත වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා පිහිටුවන ලද බෞද්ධ පුනරුද අරමුදල යටතේ රුපියල් මිලියන 107 ක මුදලක් මෙලෙස විහාරස්ථාන අතර බෙදාදීම සිදු විය.
     
    සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉටුකළ යුතු සෑම යුතුකමක්ම ඉටු කිරීමට වත්මන් රජය බැඳී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා මාතෘ භූමිය යහපත් රටක් ලෙස ගොඩනැගීමට එදත්, අදත්, හෙටත් අපගේ මහා සංඝරත්නය ලබාදෙන ගෞරවනීය නායකත්වය කෘතවේදීව සිහිපත් කළේය.
     
    දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් විනාශ වු උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථානවල මූලික අඩුපාඩු සපුරාලීමට ති‍්‍රවිධ හමුදාවේ දායකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බව ද පැවසූ ජනාධිපතිතුමා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් මෙම වසරේ සිට ආරම්භ කිරීමට උපදෙස් ලබාදී තිබෙන බව ද කියා සිටියේය.
     
    පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya