දැඩි නියඟය හේතුවෙන් රටටත් ජනතාවටත් ඇති වී තිබෙන දුෂ්කරතා මගහරවමින් වැසි දිය ලැබී කෙත්වතු සාරවත් කිරීමට ප්‍රාර්ථනා කරමින් භික්ෂූන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් පිරිත් සජ්ඣායනයක් පරාක්‍රම සමුද්‍රයේ ඩී.එස් සේනානායක පිළිරුව අසල දී පසුගිය දා පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්විය.
පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව ඊයේ (25) උදෑසන භික්ෂූන් වහන්සේලා සියක් නමක විෂයෙහි සාංඝික දානමය පිංකමක් ද පැවැත්වුණ අතර එම අවස්ථාවට ද ජනාධිපතිතුමා ද සහභාගි විය.