ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (19) පෙරවරුවේ වත්තල පෙගාසස් රීෆ් හෝටලයේ පැවති විනිශ්චයකාරවරුන්ගේ වාර්ෂික සම්මේලනය අමතමිනි.
අධිකරණ ක්ෂේත‍්‍රයේ සේවය කරන පිරිස් වෙනුවෙන් සාධාරණ වැටුප් ක‍්‍රමයක් නොමැතිවීමේ ගැටලු ව රජය හඳුනාගෙන තිබෙන අතර නිදහස් මනසකින් සිය අපක්ෂපාතී සහ ස්වාධීන සේවය මහජනතාව වෙනුවෙන් ලබාදීම සඳහා ක්ෂේත‍්‍රයේ සෑම තනතුරක්ම පිළිගත හැකි සාධාරණ වැටුප් තලයක පිහිටුවීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
රාජ්‍ය ප‍්‍රතිපත්තිය යහපාලන නාම පුවරුවට සීමා නොකර අධිකරණය, රාජ්‍ය සේවය ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල තිබිය යුතු නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
විධායකයේ සෙවණැල්ල කෙතරම් දුරට අධිකරණයට බලපෑම් එල්ල කළේ ද යන්න පසුගිය දශක කිහිපය අධ්‍යයනය කිරීම තුළින් සියලුදෙනාට පෙනී යන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය ඇතිකිරීමේ මූලික වගකීම ඉටු කළ යුත්තේ රජය බව ද කියා සිටියේය.
අධිකරණය සහ නීතිය සැමට සාධාරණ විය යුතු අතර තරාතිරම අනුව අධිකරණයේ සහ සිරගෙදර වෙනම සැලකිලි හිමිවන බවට සාමාන්‍ය ජනතාවගෙන් සහ විවිධ අංශවලින් නැගෙන චෝදනාව පිළිබඳ ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.
අධිකරණ සේවා කොමිෂන් සභාව තුළ පත්වීම් සහ උසස්වීමේ ලබාදීමේ දී අත්දැකීම් සහ දක්ෂතාවයට ප‍්‍රමුඛත්වය හිමිවිය යුතු අතර ඒ සඳහා රජය ඉඩ කඩ සලසා තිබෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.
‘නඩු කටයුතු ප‍්‍රමාදය වැළැක්වීම සහ අධිකරණ සේවය පිළිබඳ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම’ යන තේමාව යටතේ අධිකරණ සේවා සංගමය විසින් මෙම සම්මේලනය සංවිධානය කර තිබුණි.
ජනාධිපතිතුමාගේ සහභාගීත්වය වෙනුවෙන් අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් මහතා අතින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණි.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද අධිකරණ සේවා සංගමයේ සභාපති, ලේකම් ඇතුළු එහි සාමාජිකයින් ද, නීති ක්ෂේත‍්‍රයේ විද්වතුන්, ප‍්‍රවීණයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.