නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පරපුර වෘත්තීය හා තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ කරනවා - ජනපති

    දෙසැම්බර් 15, 2016
    රටේ නව පරපුර වෘත්තීය හා තාක්ෂණික දැනුමෙන් පිරිපුන් මානව සම්පතක් ලෙස ගොඩනැගීමට අවශ්‍ය මගපෙන්වීම සහ සම්පත් නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හික්කඩුව, සීනිගම ශී‍්‍ර ජිනරතන වෘත්තීය හා තෘතීය අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානය ඊයේ (14) පෙරවරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.
     
    කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පවරා දීම සිදු කෙරිණි.
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අද අපේ රටේ පවතින්නේ රැකියා හිඟයක් නොව රැකියාවලට අවශ්‍ය සුදුසුකම් ඇති අයගේ හිඟයක් බවයි.
     
    රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා විශාල ප‍්‍රමාණයක් පැවතිය ද ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමෙන් යුත් පුහුණු ශ‍්‍රමිකයින් නොමැතිකම බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නවෝත්පාදන ආර්ථිකයක් සමඟ ඇතිවන රැකියා වෙළෙඳපොළට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුමෙන් යුත් පුහුණු ශ‍්‍රමිකයින් රට තුළ ගොඩනැඟිය යුතු බව ද කියා සිටියේය.
     
    රටේ දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර නායක හිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉටු කෙරෙන පුළුල් සමාජයීය වැඩපිළිවෙළ ද මෙහිදී අගය කළ ජනාධිපතිතුමා මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ප‍්‍රදේශයට පමණක් නොව රටේ සමස්ත ජාතික ආර්ථිකයකටම මහඟු ශක්තියක් වනු ඇති බව ද ප‍්‍රකාශ කළේය.
     
    පූජ්‍ය අකුරටියේ නන්ද නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya