විසර්ජන පනත් කෙටුම්පත 2017 කාරක සභා අවස්ථාවේ දී විවාදය අද පවැත්වෙන අතර මුදල් අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ගැනීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නොවැම්බර් මස 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
නොවැම්බර් 19 දින සිට කාරකසභා අවස්ථාව පැවැත්වුණු අතර අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ විවාදය සිදු විය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 තෙවැනිවර කියවීම අද දින ඡන්දය විමසීම ප.ව. 5.00ට සිදු කිරීමට නියමිතය.