නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට,අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදාවක් බිහි කරනවා - අගමැති

    දෙසැම්බර් 07, 2016

    රටට, අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදාවක් බිහි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ් කළේ, ආරක්ෂ  අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.

    විවාදයේ දී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

     

    ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යටතේ මේ රටට අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදා බිහි කරනවා. යුද්ධය කරද්දි හොඳ ගුවන් යානා දුන්නේ නෑ.   යකඩ කෑලි ටිකක් ගෙනාවා. අපි අහනව, මොකද වුණේ කියලා. ප්‍රථමවරට කබිනට් මණ්ඩලය, ජනාධිපතිතුමා අනුමත කර තිබෙනවා, ඕනම සටහන යෙදෙන්න පුළුවන් යානා අරගන්න.

    අපි මුහුදේ යන්න නැව් ගේන්නේ. වෙරළේ යන නැව් ගෙන්නේ නෑ. ගියවසරේ අපේ යුද හමුදාව නේපාලයට ගොස් උදව් කළා. අපේ යුද හමුදාව එක්සත් ජාතින්ගේ සාම හමුදා කටයුතුවලට මාලී වලට යනවා. එදා කළේ මොනාද? එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගිහින් සත්‍යග්‍රහ කළා.

    දැන් අපි මාලී යනවා. මෙහෙම හමුදාවක් ඇති කළාම බනින්න එපා. අපි දැකලා තිබෙනවා ඉරකයේ ජනතා සහාය නැති වුණාම මොකද වුණේ කියලා.අපි යාපනය ගියේ ත්‍රස්තවාදයෙන් ජනතාව බේරන්නයි.

    ජනතාවයි ත්‍රස්තවාදයයි එකට එකතු වුණොත් තමයි ත්‍රස්තවාදය ශක්තිමත් වෙන්නේ. ඒක වෙන් කරන්න ඕන. මේ අය මාළු ගැන දන්නෙත් නෑ. වතුර ගැන දන්නෙත් නෑ. අද අපිට හැකි වී තිබෙනවා, ජනතා සහයෝගය එක්ක වැඩ කරන්න.

    අපි කණගාටු වුණා, යාපනයේ තරුණයන් දෙදෙනාට වෙඩි වැදීම සම්බන්ධයෙන්. කැරැල්ලක් වුණේ නෑ. දකුණේ වුණානම් කෝලහලයක් වෙන්න තිබුණා. මා කියන දේට පිළිතුරු දෙන්න බැරුව කෑ ගහනවා. 

    නවීන ආරක්ෂක හමුදාවක් හා යුද හමුදාවක් අපි සකස් කරගෙන යනවා. ඒකට බය වී කෑගහන්නේ. සරත් ෆොන්සේකා ඇදගෙන ගිහින් හිරේ දැම්මා. බුද්ධි අංශයට දාන්න ඕන දක්ෂ නිලධාරියෙක්. යුද හමුදාව නිලධාරීන් වෙනස් කරනවා. අපේ හමුදාපති ගත් තීරණය නිවැරැදියි. හමුදාපතිට අපි ප්‍රසංසා කරනවා. යුද්ධය කළ නිලධාරීන් රටට සේවය කළා. මේ අයගේ කාලය දීර්ග කළොත්, යටතේ සේවය කළ අයට ඉහළට එන්න අවස්ථාවක් නෑ.හැම යුද හමුදාවෙම වයස සීමාව අනුව පිට වී යනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya