අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ දී අඳහස් දක්වමිනි.
ඉතාම වැදගත් අමාත්‍යාංශයක් ඉතාම වැදගත් ඇමැතිවරයෙක් යටතේ ඉතාම වැදගත් සේවාවක් අද සිදු කරනවා. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය රජය යටතේ යථාර්ථයක් බවට පත් කර අද මේ විවාදය පවත්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධ මිල දැන් අඩු වෙලා තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයට කළ මෙහෙවර ගැන කෘත්වේදිත්වය ප්‍රකාශ කළ යුතුයි. මෙරට තුන්වැනි විශාල රෝහල කරාපිටිය රෝහල. එම රෝහලට දිනකට නේවාසික රෝගීන් 475 ක් ඇතුළත් වෙනවා. දිනකට සායනික ප්‍රතිකාරවලට 2205 ක් දෙනා පැමිණෙනවා.
මේ වසර වන විට කරාපිටිය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගෙන ඇති තීරණය ප්‍රශංසනීයයි. දකුණේ ජනතාව ඒ ගැන සතුටට පත්වෙනවා. රුපියල් මිලියන 790 ක් වියදමෙන් රෝහලේ ඉදි කරන වකුගඩු ඒකකය ලබන මාර්තු ජනතා අයිතියට පත් කරනවා. විරුද්ධ පක්ෂයේ සිටියදීත් සෞඛ්‍ය අංශයේ දියුණුව ගැන අපි කතා කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා වඩාත් හොඳින් කටයුතු කළ හැකි පරිණත දේශපාලඥයකු වන රාජිත ඇමැතිතුමා පත් කර තිබෙනවා. මේ වසර තුළදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 52 ක් කර තිබෙනවා. වකුගඩු රෝගීන් මසකට 625 ප්‍රතිකාර ගැනීමට පැමිණෙනවා. රුපියල් මිලියන 1500 ක වියදමෙන් ළමා වාට්ටුවක් ස්ථාපිත කිරීමට ද තීරණය කර තිබෙනවා. රුපියල් මිලියන 1000 ක වියදමෙන් රසායනාගාරයක් හා පිළිකා ඒකකයක් හැදීමට නියමිතයි. තවත් රුපියල් මිලියන 1000 ක වියදමින් දන්ත ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. හෘද සැත්කම් ඒකකයේ සේවාව ගැනත් වැඩිදුරටත් සොයා බලා නිසි ලෙස සේවාව සිදුවන ආකාරයට සකස් කළ යුතුයි. මං නියෝජනය කරන ප්‍රදේශයේ ප්‍රධාන රෝහල ඇල්පිටිය රෝහල. මං සෞඛ්‍ය ඇමැතිතුමාට ආරාධනා කළා රෝහල බලන්න එන්න කියලා. එය පිළිගෙන එතුමා පැමිණියා. බොහෝ වේලාවක්
රෝහලේ කටයුතු සොයා බලා අඩුපාඩු ලබාදීමට එතුමා පියවර ගෙන තිබෙනවා. දිනකට රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට 700 කට
වඩා පිරිසක් පැමිණෙනවා. ඇල්පිටිය රෝහල නිරීක්ෂණය කළ රාජිත ඇමැතිතුමා ශල්‍යාගාරයක් සහිත මහල් 10 කින් යුත් ගොඩනැඟිල්ලක් හදන්න තීරණය කළා. කෙටි කාලයක් ඇතුළත කළ සේවය ගැන එතුමාට මම ස්තුතිවන්ත වෙනවා.
බලපිටිය රෝහලටද මහල් 10 කින් යුතු ගොඩනැඟිල්ලක් ලබා දී තිබෙනවා. මේ කෙටි කාලය තුළ ගාලු දිස්ත්‍රික්කයට කළ සේවය ඉතාම විශිෂ්ටයි. ලබන වසරේදි රට පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න ඔබතුමාට හැකි වේවා. ජනාධිපතිතුමාගේ උපරිම සහාය සෞඛ්‍ය දියුණු කිරීම සඳහා ලබා දී තිබෙනවා.