අමාත්‍යවරය අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ අක්ළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට අඳහස් දක්වමිනි.
අනතුරු නිසා 25,000ක් මැරිලා තිබෙනවා. යාපනය, කල්මුනේ, පුල්මුඩේ, පොළොන්නරුව සහ බදුල්ල හදිසි ඒකක ස්ථාපිත කළා. තව හයක් සඳහා ප්‍රසම්පාදන කටයුතුවල තිබෙනවා. තවත් හදිසි අනතුරු ඒකක 14ක් උසස් තත්ත්වයට ගේනවා.
ගිලන් රථ සේවය ආරම්භ කළා කොළඹ සහ කළුතර.මේ රටේ නොසන්ඩාල ලෙස චැනල් තිබෙන්නේ. උණ හෙබිරිස්සාවටත් චැනල් යනවා. ජනගහනයෙන් පන්දහසකට අපි වෛද්‍යවරයෙක් පත් කරනවා. සියලු රෝහල් පොකුරු රෝහල් බවට පත් කරනවා.මහජන හෙද නිලධාරී තනතුර නැවත ගෙනැල්ලා, අපි ගෙයින් ගෙට යවන්න සළසනවා. බෝ නොවන රෝගවලින් ජනතාව බේර ගැනීමට. වකුගඩු රෝගයට අලුතින් මැෂින් වසර 2016 ට 259ක් ලබාදී තිබෙනවා. වැන් රථ 42ක් දුනා, නොමිලේ ප්‍රවාහනය ලබාදීමට.
වකුගඩු රෝගීන් වෙනුවෙන් වෙනම වෛද්‍යවරු 1000ක් පත් කළා. රෝගීන් ප්‍රමාණය 2015 දී 5000කින් වැඩි වුණා. වකුගඩු රෝගයට අවශ්‍ය ඖෂධ, ප්‍රවාහනය වැඩි කළා. ඒ නිසා රෝගීන් ප්‍රමාණය අඩු කළා.
අපි ආයුර්වේද වෛද්‍යවරු පත් කරලා තිබෙනවා. ඔවුන් හැම කලාපයකට ම දානවා. බෝ නොවන රෝග ගැන පාසලින් පාසලට දරුවන් දැනුවත් කරනවා. කැන්ටින් ක්‍රමය, නරක ආහාර නොමැතිව හොඳ ආහාර ලබාදීමේ ක්‍රමය දිගටම කරනවා. මම ඖෂධවලට අත ගැහුවා, දුම් කොළවලට අතගැහුවා. ඊළඟට අත ගහන්නේ පෞද්ගලික රෝහල්වලටයි. රෝහල්වට විරුද්ධ නොවේ. සෞඛ්‍ය කියන්නේ සේවාවක්. සියලු මිල ගණන් මිල නියාමනයකට යටත් කරනවා. කමිටුවක් දැම්මා. චැනල් ගාස්තුව රුපියල් 2000ක් කළා. අපි හැම රෝගියෙක් ම විනාඩි දහයක් බැලිය යුතුයි.
ශල්‍ය කර්මය කළොත් පැයක් රෝගියා සමඟ ඉන්න ඕන. මේ ටික දාලා තිබෙනව. ඉතුරු ටික නියමනුකූල කරනවා. දන්ත වෛද්‍ය සේවයට තට්ටු නවයක ගොඩ නගිල්ල හදනවා.කරාපිටිය දෙවන දන්ත මධ්‍යස්ථානය හදනවා. දිස්ත්‍රික්ක 10ක ජංගම දන්ත සායන දාලා තිබෙනවා. පාසල් දන්ත සායන 25ක් හැදුවා. තට්ටු 22ක බාහිර රෝගී අංශයක් එනවා ජාතික රෝහලට. රාගම මාතෘ හා ළමා රෝහලක් ලැබෙනවා.පොළොන්නරුවට ඇදන් 200ක වකුගඩු රෝහලක් දුන්නා. තත්ත්ව රසායනාගාරය හදන්න ජනවාරි මාසයේ ආරම්භ කරනවා. සියලු වෙළඳ නමවලින් ඖෂධ අලෙවිය නවත්වනවා.
ඇටමිදුළු බද්ධය, පළමු එක අපේක්ෂා රෝහලේ පටන් ගත්තා. මහනුවර රෝහලේ දෙවන එක ආරම්භ කරනවා. මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරනවා. ලේ බැංකු 60ක් ප්‍රධන රෝහල්වලට හදනවා. විශේෂඝ්න වෛද්‍ය ප්‍රමාණයක් දෙගුණයක් දක්වා වැඩි කරනවා. හැම ආයතනයකම ප්‍රගතිය වැඩියි. හෙද පීඨයට ලබන වසරේ මුල්ගල තියනවා. හෙදියන් 2000ක් එයින් පුහුණුවට ලක් කරනවා. ආදායම වැඩියි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.