අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ් කළේ, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරය,
ඒ සහන සැලසීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 1,404ක් වෙන්කර තිබෙනවා. ලක්ෂයට අඩු ඇස්තමේන්තු සඳහා සියල්ල ගෙවා තිබෙනවා. මිලියනයට අඩු නිවාස 390 සඳහා ද මුදල් ගෙවා තිබෙනවා. නිවාස 89ක් සම්බන්ධයෙන් එම ජනතාව එකඟ නැහැ. ඒක තුන්වැනි තක්ෂේරුවක් වෙනුවෙන් යොමු කරන්නට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 1,001ක් අපි ගෙවා තිබෙනවා. පූර්ණ ලෙස හානිවූ නිවාස වෙනුවෙන් රුපියල් 50,000ක මාසික දීමනාවක් ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 72.2ක් ගෙවා තිබෙනවා. 52 ගෙවා තිබෙනවා. වෙළෙඳ ව්‍යාපාර ස්ථානවල අයිතිය නොමැති අය වෙනුවෙන් තාවකාලික කුටි ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 25ක් දී තිබෙනවා.
ඒ මුදල් නිදහස්කර තිබෙනවා. හානිවූ චංචල දේපල වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා ප්‍රතිලාභීන් 567ක් සඳහා රුපියල් මිලියන 100ක් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දී තිබෙනවා. කෘෂි වාගාවන් වෙනුවෙන් රුපියල් මිලියන 14ක් තක්සේරුකර තිබෙනවා. එය කෘෂිහා පශු සම්පත් අමාත්‍යාංශ වෙත යොමුකර තිබෙනවා. චංචල දේපල වෙනුවෙන් රුපියල් 247ක් තක්ෂේරුකර තිබෙනවා. රුපියල් මිලියන 100ක් යවා තිබෙනවා. ඉතිරි මුදල් ද හැකි ඉක්මණින් යවනවා. ගංවතුර නිසා දිස්ත්‍රික් 22ක පවුල් 146992ක පුද්ගලයින් 586631ක් විපතට පත්වුණා. මේ සඳහා ක්ෂණිකව සහන දෙන්න මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 150ක් ලබාදුන්නා. ජාතික ස්වාභාවිකත රක්ෂණයෙන් රුපියල් මිලියන 100ක් දී තිබෙනවා.
ඒ අනුව විපතට පත් පවුල් 66,646ක් සඳහා රුපියල් 10000 බැඟින් අත්තිකාරම් ලබාදී තිබෙනවා. මිලියන 639ක් මේ වෙනුවෙන් වෙන්කර තිබෙනවා. තක්ෂණ නිලධාරීන් යොදවා අවසන් වන්දි ලබාදීම අවසන් කිරීමට පියවර ගන්නවා. රුපියල් මිලියන 200ක් මෙවර වැඩි වශයෙන් දී තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් තත්ත්වය හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස අර්ධ හානි නිවාස ඉවත් කොට නව නිවාස ඉදිකරනවා. ඒ නිවෙසක් වෙනුවෙන් රුපියල් මිලියන 1.2ක් වෙන්කරනවා. මේ වෙනුවෙන් ආපදාවන්ට ඔරොත්තු දෙන නිවාස සැලසුම් තුනක් හඳුන්වා දෙනවා. කෑගල් ලේ ඉඩම් සොයා ගැනීමේ ප්‍රශ්න තිබුණා. නමුත් දැන් අක්කර 350ක් සොයාගෙන තිබෙනවා. වෙනත් ඉඩමක් මිලදී ගන්නට කැමැති අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 4ක් ලබාදෙනවා. නිවෙස්වල මූලික කටයුතු වෙනුවෙන් රුපියල් 40,000ක් මූලික වශයෙන් දෙනවා. චීන රජයේ ආධාර යටතේ නිවාස 100ක් ඉදිකරනවා.
මිරියබැද්ද අනතුරින් විපතට පත් සැමට සියලු නිවාස ඉදිකර දී තිබෙනවා. ආපදා පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රශ්න ආවා. ඒ සම්බන්ධයෙන් දුරකතන සමාගම් සමඟ සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.