නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    දෙසැම්බර් 01, 2016

    ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

    ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ පස්වන අවස්ථාව මෙය වන අතර ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු පියවරයන් පිළිබඳ ක්ෂේත‍්‍ර 04 ක් යටතේ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

     

    පිරිවෙන් අධ්‍යාපනය, සාමණේර ආයතන, ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථාන ගොඩනැගීම, 2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය එකී ක්ෂේත‍්‍ර වේ.

     

    පිරිවෙන් ගුරුවරු පුහුණු කිරීම සහ පුහුණු ආයතනයක අවශ්‍යතාවයත්, පිරිවෙන් පරිපාලනය යතාවත් කිරීමේ අවශ්‍යතාවයත් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

     

    ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් පිරිවෙන් අධ්‍යක්ෂ ලෙස පත් කළ මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඥානරතන ස්වාමින්වහන්සේ පත් කිරීමෙන් පසුව පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ලබා ඇති ප‍්‍රගතිය දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර කෙටි කාලයක් තුළ උන්වහන්සේගේ නායකත්වයෙන් යුතුව ගෙන ඇති ප‍්‍රතිපත්තිමය හා ප‍්‍රායෝගික පියවර පිළිබඳව ද ජනාධිපතිතුමාගේ සහ බෞද්ධ බුද්ධි මණ්ඩලයේ ප‍්‍රණාමය උන්වහන්සේ වෙත පිරිනමන ලදී.

     

    පිරිවෙන් රෙගුලාසි සහ පිරිවෙන් පනත යතාවත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණයට ලක් විය.

     

    බෞද්ධ ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලා මුද්‍රණයට අදාළව සංස්කාරක/උපදේශක මණ්ඩලයක අවශ්‍යතාවය සහ එම ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලා නැවත මුද්‍රණය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

     

    සාමණේර ආයතන පිළිබඳ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ද බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දෙන ලදී.

     

    දසසිල් මෑණිවරුන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ වැදගත්කම අවධාරණය විය.

     

    බෞද්ධ අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන භික්ෂූන් වහන්සේලාට වීසා ලබා ගැනීමට අදාළ ගැටලූව විසඳීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර විදේශ භික්ෂූන් වහන්සේලාගේ නේවාසික අධ්‍යාපනය සහ එම ක්ෂේත‍්‍රය නියාමනය කිරීමේ වැදගත්කම ද අවධානයට ලක් විය.

     

    ධර්මාචාර්ය විභාගය සමත්වූවන්ට පත්වීම් ලබාදීම පිළිබඳ තත්ත්වය ද සාකච්ඡාවට ලක් කෙරුණු අතර එහිදී සිදුව ඇති ප‍්‍රමාදයන් පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ද තීරණය කෙරිණි.

     

    ජාත්‍යන්තර ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ශී‍්‍ර ලංකාවේ පිහිටුවීම පිළිබඳව ද අවධානය යොමු විය.

     

    බෞද්ධ ග‍්‍රන්ථ නියාමන පනත කඩිනම් කර පාර්ලිමේන්තුවට ගෙන ඒමටද පාර්ශවයන් එකඟවන ලදී.

     

    බෞද්ධ සමායෝජක භික්ෂුන් වහන්සේලාගේ රාජකාරී ක‍්‍රමවත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර එහිලා සමායෝජක භික්ෂුන් වහන්සේලාට නව විෂය ක්ෂේත‍්‍රයක් තුළ සේවා සැපයීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලද අතර උදාහරණයක් ලෙස ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දැනට පවතින පුස්කොළ පොත් සහ බෞද්ධ චිත‍්‍ර එක්තැන් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

     

    ලබන වසරේ ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර එහිදී ශී‍්‍ර ලාංකික බෞද්ධ නායක හිමිපාණන් වහන්සේලාගේ සහ ශී‍්‍ර ලාංකික බෞද්ධ උගතුන්ගේ සහාය වැඩි වැඩියෙන් ලබා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.

     

    ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සහභාගී කර ගන්නා වූ වට මේස සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කෙරුණු අතර එහිදී බෞද්ධ බුද්ධි මණ්ඩලයේ නිර්දේශ සහ උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

     

    මහාචාර්ය පූජ්‍ය කොටපොළ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය නාබිරත්තන්කඩවර ඥානරතන නායක ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය විජිතපුර විමලරතන ස්වාමින් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිත ධම්ම ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන මහ සංඝරත්නය ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු රාජ්‍ය නිළධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya