අද (30) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී මේ පිළිබඳව තීරණය ගත් බව කතානායක කාර්යාලය පවසයි.
ඒ අනුව හෙට(01) ප.ව. 5.00 සිට ප.ව. 7.00 දක්වා කියුබානු හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතා වෙනුවෙන් මන්ත්‍රීවරු අඳහස් දැක්වීමට නියමිතය. සභාව කල්තැබෙන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන මහතා විසින් සභාව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.