මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සේවකයන්ගේ සියලු ප්‍රශ්න ක්‍රමාණුකූලව විසඳෙනවා

    නොවැම්බර් 29, 2016

    සමෘද්ධි නාමය වෙනස් නොවන බවත් සමෘද්ධි වැඩපිළිවෙල යටතේ, සේවකයන්ගේ සියලු ප්‍රශ්න ක්‍රමාණුකූලව විසඳා තිබෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

     අමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

    පෙර පාසල් ආරම්භ් අකරන්න ආධාර කරනවා. ණය ආධාර ලබාදෙනවා. වැඩි හිටි නිවාස උතුරු නිවාස ගණනවක් හදන්න බලාපොරොත්තු වෙනවා. දුප්පත්කම තුරන් කිරීම දේශපාලන ව්‍යපරයක් කරන්න එපා කියන එක ඇත්තයි.


    සමෘද්ධි වැඩපිළිවෙල යටතේ, ඒ සේවකයන්ට සියලු ප්‍රශ්න  එකක්වත් ප්‍රශ්න විසඳා තිබුණේ නෑ. අපි එකින් එක ක්‍රමාණුකූලව විසඳා අවසන් අදියරට පැමිණ තිබෙනවා. විරෝධාතා දැක් වූ අය දන්නවා ප්‍රශ්නය විසදී ඇති බව. ඒ අය ගෞරවයක් ගන්නයි හැදුවේ.  සියලු ගැටළු විසඳී තිබෙනවා. සමෘද්ධි නාමය වෙනස් වෙන්නේ නෑ. ව්‍යාපාරය තුළ යම් යම් දූෂණ සිද්ධ වුණා. ඒ සියල්ල නිවැරැදි කර ප්‍රාදේශීය ලේකම්වරු ,දිසපතිවරු යටතේ විසඳමින් සිටිනවා.

    සමෘද්ධිය වේගයෙන් වැඩකරන ව්‍යාපාරයක් බවට පත් කරනවා. වැඩිහිටි නිවාසවල ඛේදවාචක තත්ත්වය,මේ වැඩහිටි නිවාස ගෞරවනීය ලෙස සතුටින් ජීවත් වෙන පරිසරයක් හදන්න මුදල් අවශ්‍යයි. අද වැඩහිටි නිවාස සියල්ල අළුත්වැඩියා කරමින් විශාල වැඩකොටසක් කරගෙන යනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya