අමාත්‍යවරයා, අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.
යහපාලන රජය යටතේ මාධ්‍ය සියල්ල නිදහස් කරගෙන තිබෙනවා. ජනාධිපති සහ අගමැති බලයට එන විට ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තිබුණේ කළු පැල්ලමක්. 2006 සිට 2015 දක්වා මාධ්‍යවේදීන් 13ක් පමණ ඝාතනය වී තිබෙනවා. මාධ්‍ය ආයතන 4ට පහර දුන්නා. 20ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාධ්‍යවේදීන් 80කට වැඩි පිරිසක් රටහැර ගියා. අද මේ ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස උපරිමයෙන් තිබෙනවා. අපිට විරුද්ධව ඇඟිල්ල දිඟුකරන්නට කිසිවෙකුට බැහැ. දේශසීමා රහිත මාධ්‍යවේදීන් විසින් වාර්ෂිකව සිදුකරන වාර්තාවේ අපේ රට රටවල් 180ක් අතරින් 141ට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පැමිණ තිබෙනවා. අපි 2014 සිටියේ 165 වැනි ස්ථානයේ බව කියන්න කැමැතියි. එදා දකුණු ආසියාවේ අවම මාධ්‍ය නිදහස තිබුණේ අපේ රටටයි. මේ කෙටි කාලයක් තුළ රටවල් 24ක් පසු කොට ඉදිරියට පැමිණ තිබෙනවා. අපේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කළපසු ඉදිරියට යන්න පුළුවන්.
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කරගන්නට අපිට හැකියාව ලැබුණා. ලෝකයේ 7වැනි හොඳම තොරතුරු දැන ගැනීමේ පනත මේ පාර්ලිමේන්තුවේ දී සම්මත කළා. එම ඓතිහාසික පනත ක්‍රියාත්මක කිරීමේ අභියෝගය අපි බාරගෙන තිබෙනවා.අපි දැනටමත් තොරතුරු නිළධාරීන් හඳුනාගෙන පුහුණු කිරීම ආරම්භ කර තිබෙනවා.. ලබන පෙබරවාරි මස 7 දා වනවිට මේ කටයුත්ත යථාර්ථයක් කරන්න හැකිවෙනවා.
යහපාලන රජයේ නිල මුද්‍රාව තොරතුරු දැන ගැනීමේ පනත වෙනවා. උසස් මාධ්‍ය නිදහසක් ඇති කරන්න අපි වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද එය ඔප්පු කර තිබෙනවා. මාධ්‍යවේදීන්ට අවම වැටුපක් සහිත සුබසාධන ක්‍රම සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරනවා. මේ සම්බන්ධයෙන් පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලනවා. ස්වාධීන මාධ්‍ය කොමිසමක් වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා. මාධ්‍යවේදීන්ගේ නිදහස තවදුරටත් තහවුරු කරන්න, උසස් ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු ප්‍රවෘත්ති ජනතාවට ලබාදෙන්න අපි ඒ තුළින් උත්සහ කරනවා. ශීලාචාර, ආචාරධර්ම සුරකින් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමට බලාපොරොත්තු වෙන්නේ.සාධාරණයක් ඇති වටපිටාවක් ඇති කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ.මුවහමට තලනවා මෙන් මාධ්‍යට බැන වැඩක් නැහැ.
රජයක් ලෙස මේ කිසිවක් බලෙන් පටවන්න බලාපොරොත්තු වන්නේ නෑ. දෙසැම්බර් 31 දක්වා ජනතාවට අදහස් දක්වන්න පුළුවන්. යහපත් මාධ්‍ය කර්මාන්තයක් ඇති කිරීම රජය පිළිගන්නවා මෙන් ම මාධ්‍ය වැඩසටහන්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්.
මාධ්‍ය ආයතන අතර තරඟකාරීත්වයක් අවශ්‍යයි.එය ගුනාත්මක වැඩසටහන්වලින් හා නිවැරැදි තොරතුරු මත පදනම් විය යුතුයි.අද බොහෝ විට වාණිජ න්‍යාය පත්‍ර හෝ දේශපාලන න්‍යායන් අද දක්නට ලැබෙනවා. සැමවිටම මාධ්‍යයක න්‍යාය පත්‍රය විය යුත්තේ, මහජන සුබසිද්ධියයි. එතැනට මාධ්‍ය තල්ලු කිරීමට රජය උපරිම සහාය ලබාදෙනවා.
ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය ඇකඩමියක් ඇති කරන්නට අපි අවධානය යොමු වී තිබෙනවා . මිලියන 50ක් අමරදේව සංගීත අසපුව වෙනුවෙන් වෙන්කර තිබෙනවා. අමරදේව මහතාගේ ඉල්ලීම අනුව සංගීත අසපුව ඉදිකරන්නට පියවර ගෙන තිබෙනවා. දේශීය කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් රජය කටයුතු කරනවා. ජනාධිපතිතුමා, අගමතිතුමා මේ සඳහා පූර්ණ ආශිර්වාදය පළ කළා.එතුමාගේ නමින් ජාතියට දායාද කරනවා.
දේශීය කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටිනවා.විදේශ ටෙලි නාට්‍ය බද්ද ලක්ෂ තුන දක්වා වැඩි කර තිබෙනවා. පසුගිය කාලයේ සිනමා ඩිජිටල්කරණය සම්බන්ධයෙන් කතා කළා. ලබන ජනවාරි මාසයේ සිට සෑම සිනමා ශාලාවක්ම ඩිජිටල්කරණය කරන්නට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති සම්මාන උළෙලක් මාස තුනක් ඇතුළත පවත්නන්නට පියවර ගෙන තිබෙනවා. චිත්‍රපටි සංරක්ෂණය වෙනුවෙන් ද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අවුරුදු 8කට පසුව සරසවි සම්මාන උළෙල දෙසැම්බර් 15 දා පවත්වන්න පියවර ගෙන තිබෙනවා.
පසුගිය කාලයේ ලේක්හවුස් ආයතනය රුපියල් මිලියන 800කට වැඩි මුදලක් ණය තිබුණා. එය රුපියල් මිලියන 300 දක්වා අවම කර ගන්නට වත්මන් පාලනාධිකාරියට හැකියාව ලැබී තිබෙනවා. මේ වනවිට එම ආයතනය රුපියල් මිලියන 150ක් ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. මේ වසර අවසන් වනවිට රුපියල් මිලියන 200 දක්වා වර්ධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා. පත්තර අලෙවිය මේ වනවිට සියයට 10කින් වර්ධනය වී තිබෙනවා. මේ රජය බාරගත් පසු ලේක්හවුස් ආයතනයට එකම නඩුවක් හෝ අපහස නඩු වැටී නැහැ. සේවක වැටුප් පවා ඉහළ නංවා තිබෙනවා.
ජාතික රූපවාහිනී ආයතතනය ද යම් මට්ටමකට ගන්නට හැකියාව ලැබී තිබෙනවා. ආසියාවේ ප්‍රථම හරිත මාධ්‍ය ආයතනය බවට පත්කරන්නට පියවර ගෙන තිබෙනවා. මේ වනවිට රූපවාහිනියට සම්මාන රැසක් ලැබී තිබෙනවා. දෙමළ ජනතාව වෙනුවෙන් නේත්‍රා නමින් සංහිදියාවේ නාළිකාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වී තිබෙනවා. අපි රූපවාහිනියට ක්‍රිකට් බලපත්‍රය ලබාදී තිබෙනවා. රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියට ටෙලිනාට්‍ය විකාශනය සඳහා අල්ලස් ලබාදීමේ ක්‍රමවේදය අවසන්කර තිබෙනවා. ලක්හඩ ප්‍රතිව්‍යුහගත කරන්නට පියවර ගෙන තිබෙනවා. පරිපාලන වියදම් අවමකර තිබෙනවා. සමාජ සත්කාරක සේවා රැසක් ක්‍රියාත්මක කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.