නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැටළු නිරාකරණය කර,පොහොර සහනාධාරය සියලු ගොවීන්ට ලබාදෙනවා - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 24, 2016

    සියලු ගැටළු නිරාකරණය කර,පොහොර සහනාධාරය  සියලු ගොවීන්ට ලබාදෙන්න කටයුතු කරනවා යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසී ය.

    කෘෂිකර්ම, වැවිලි, මහවැලි සංවර්ධන හා පරිසර, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

     

    සුළු වාරිමාර්ග සංවර්ධනයට විශාල මුදලක් ලැබී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අඩුපාඩු සොයාබලා, ලැබී ඇති ප්‍රතිපාදනවලින් ලබන වසරේ හොඳ සැළැස්මකින් ක්‍රියාත්මක වෙනවා. පොහොර සහනාධාරයත් ආරම්භ කරනවා. සියලු ගොවීන්ට ලබාදෙන්න කටයුතු කරනවා. සියලු ගැටළු නිරාකරණය කර , අදාළ සහනාධාරය ලබාදෙන්න කටයුතු කරනවා ඉදිරි කාලයේ දී.

     

    අතිගරු ජනාධිපතිතුමාගේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන තුළ මේ වනවිට බිම් මට්ටමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මෙය 2015 ආරම්භ කළා. මේ වනවිට ප්‍රතිඵල ලැබී තිබෙනවා. ගොවි සතිය තුළ පළතුරු ගම්මාන 2000ක් පිහිටුවීම, කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු කළා. ගොවි සමිති, විශේෂයෙන් කාන්තා සමිති ශක්තිමත් කරන්න කටයුතු කර තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya