පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් රාජ්‍ය ආයතන අලාභ ලැබීම අවම කිරීමට උපයෝගී කරගන්නා ක්‍රමවේදය කුමක්දැයි විමසූ පැනයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මේ පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම මඟින් අලාභ ලබන රාජ්‍ය ආයතනවල අලාභය අවම කරගැනීමට හැකිවන බවද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ව්‍යවසාය මණ්ඩලය විසින් රාජ්‍ය ව්‍යවසාය අධ්‍යල්ෂ මණ්ඩල නම් කෙරෙන අතර ඉන් සුදුසු පුද්ගලයකු පත් කෙරෙන බවත් මේ නිසා කළමනාකරණ ප්‍රශ්න හා දේශපාලන ප්‍රශ්න අවම කරගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.
2014 වසරේ අලාභ ලබූ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 250ට වැඩියි. අලාභය රුපියල් බිලියන 600කට වඩා වැඩියි. මේ අලාභය සිදුවීම පිළිබඳව සොයාබලනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.