නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා පළාත් අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

    නොවැම්බර් 23, 2016

    ලබන වසරේ දී සිදුකිරීමට අපේක්ෂිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සියලු පළාත්සභා ප‍්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ (22) පස්වරුවේ පැවැත්විණි.

    පාර්ලිමේන්තු ජනාධිපති නිල කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද එක් වූ අතර, එහිදී පළාත් මට්ටමෙන් සිදුකිරීමට නියමිත නව ව්‍යාපෘති සම්බන්ධයෙන් හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

     

    එමෙන්ම පළාත් අමාත්‍යවරු තම පළාත්වල සිදුකිරීමට අපේක්ෂා කරන ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා ඉදිරියේ කරුණු දැක්වූහ.

     

    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya