නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න කටයුතු කරනවා - අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 22, 2016

    අලුතෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න කටයුතු කරනවා. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තුළින් විෂයන් 24ක් අලුතින් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. විෂයන් අනුව  ගුරුවරු තෝරාගෙන, ගුරුවරු 48,000ක් බඳවා ගැනීමට කටයුතු කරනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් මේ බව පැවසී ය.

     

    විවාදයේ දී හරි තර්ජකයක් හෝ මතයක් ගොඩනගනන් බැරි විපක්ෂයට. පසුගිය කාලයේ 2014 ප්‍රාග්ධන වියදම බිලියන 15.1 යි. මේක තමයි ප්‍රාග්ධන වෙන් කිරීම 2016 දී මූලධනවියදම බිලියන 82.5ක් වෙන් කළා. ඉදිකිරීම් සඳහා ලඟම හොඳම  පාසල් 7000ක ව්‍යාපෘති මිලියන 40,000ක බැදීම් හදාගෙන තිබෙනවා. බිලියන 64ක්  ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මිත්‍රයන්ට දුන්නේ නෑ.

     

    නව රජය යටතේ හැම එකක්ම ටෙන්ඩර් දැම්මා. ඒකයි ප්‍රමාදය. ඉතිහාසයේ වැඩිපුරම මුදලකින් වැඩ කරන වසර මේ වසරයි. රාජපක්ෂ පාලනයේ පරිගනක 60,000ක් අරගෙන කොම්පැණි පෝසත් කලා. අපිට කුලියට ගන්න දෙන්න කිව්වා. අපිට 3500කට පරිඅගක 50 ගනනේ 175000ක් ගන්නවා පාසල්වලට.

    දැන් ඔක්කොම පියවරෙන් පියවර යනවා. 2014 දී ජලය නොමැති පාසල් 700ක් තිබුණා අපි 540ට අඩු කළා. විදුලිය නොමැති පාසල් 880ක  සියයට 95%ක් විදුලිය අවසන් කර තිබෙනවා.

    සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් 200ක් තිබුණා 74 දක්වා අඩු කර තිබෙනවා. මිල්යන 2500ක් ඩෙස් බංකු ලබාදීමට සැලසුම් කර තිබෙනවා. පාසල් 677ක් පාසල් නිල නිවාස ගුරු විවේකාගාර ලබාදීමට කටයුතු කර තිබෙනවා. පාසල් 27ක නව දන්ත සායන ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. ගුරු මධ්‍යස්ථාන 40ක් හදන්න පියවර ගෙන තිබෙනවා. පාසල් විද්‍යාගාර කට්ටල 3000ක් පහසුකම් නොමැති පාසල්වලට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

    ළඟම පාසල හොඳම පාසල යටතේ , ගුණාත්මක අධ්‍යාපනය දියුණු කිරීමට හැම පියවරක් ම ගන්නවා. ගුරුතුලනය කරන්න පුළුවන් තරම් උත්සහ කරනවා. විෂයමාලා දැවැන්ත වෙනසක් කරගෙන යනවා. විෂයන් අනුව  ගුරුවරු තෝරාගෙන ගුරුවරු 48,000ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. පාසල් මණ්ඩල ඉදිරියේ දී ඇතිකරන්න කටයුතු කරනවා. සෞඛ්‍ය රක්ෂණය දෙමව්පියට අස්වැසිල්ලක්. ලක්ෂ 45ක් දරුවන්ට රක්ෂණය ලැබෙනවා. අමාත්‍යාංශයේ සියලු කටයුතු පරිගණකගත කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya