නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා කරනවා

    නොවැම්බර් 21, 2016

    අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ඉදිරියේ දී යෝජනා කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී විජිත හේරත් මහතා  විසින්  විනිසුරුවරුන්ට වැටුප් ව්‍යුහයක් සකස් කළ යුතු බවට මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.අධිකරණ අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ආරම්භ කළේ ය.

     

    අඩු පහසුකම් යටතේ විනිසුරුවරු විශාල බරක් ඇදගෙන යන බව කී අමාත්‍යවරයා, ඔවුන් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් සිදු කරන බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya