අමාත්‍යවරයා, මේ බව අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අයවැය-2017 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.
පරීක්ෂණ නොබියව කරගෙන යන්න. ජනාධිපතිතුමා පරීක්ෂණ නවත්වන්න කියා නෑ. නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට වාර්තා ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙය ඓතිහාසික අවස්ථාවක්. ද්‍රවිඩ කණ්ඩායම් වගේම පාර්ලිමේන්තුවේ සියලු කණ්ඩායම් මේ සඳහා එකතු වී තිබෙනවා.
සීමා නිර්ණය අවසන් කිරීමට කටයුතු කරනවා. අපි කැමතියි මැතිවරණයකට. ඉදිරි මැතිවරණ ජයග්‍රහනය ප්‍රශනයක් නෑ. අවුරුදු ගණනාවක් මේ රටේ තිබුණේ මර්ධනයයි. නිලධාරීන් එයට යටවෙලා හිටියේ. අපේ වගකීම ඉස්සරලා නීතිය සකස් කරන එක. එය සකස් කළා. නිලධාරීන්ගේ වගකීම ජනතා අභිප්‍රාසය ක්‍රියාත්මක කිරීම. ජනාධිපතිතුමාගේ බලතල පාර්ලිමේන්තුවට දුන්නා. බලය බෙදීමට කැමැතියි. ජනතාවට බලය යනවට කැමතියි. ජාතික ආණ්ඩුව හැදුවේ එකයි යැයි ද අමාත්‍යවරයා ප්‍රාකශ කළේ ය