අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2017 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
රටේ ආර්ථික වර්ධනය, තිරසර සංවර්ධනයට යන ගමන ශක්තිමත් කිරීමට ඉදිරිපත් කළ අඬිතාලමක් ලෙස අයවැය හැදින්වීමට පුළුවන්. මුදල් අමාත්‍යතුමා අනුගමනය කළ ක්‍රමවේදය ආදර්ශයක්.අයවැය පිළියෙල කරන අවස්ථාවේ දී සිවිල් සමාජය පමණක් නොව,විවිධ ක්ෂේත්‍ර පෞද්ගලික අංශ හමුවෙලා, යම්කිසි හොඳ නියෝජනයක් තිබෙන අයවැයක් ඉදිරිපත් කළා.
ප්‍රථමවරට, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා, මේ අයවැය පිළිබඳ සාකච්ඡා කරලා, සම්මුතිවාදී රජයේ පැහැදිලි අයබැයක් ඉදිරිපත් කිරීම අපි දැක්කා. මා හටත් අවස්ථාව ලබුණා සාකච්ඡා සඳහා සහභාගී වුණා.ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් කළා තිදෙනෙක් පක්ෂය වෙනුවෙන් පිළියළ කළ යොර්ජනා කීපය ඉදිරිපත් කළා සකච්ඡාවේ දී. මුදල් අමාත්‍යතුමා හොඳ නම්‍යශීලී බවක් පෙන්නුවා. මුදල් ඇමැතිතුමා යෝජනා ගණනාවක් අයවැයට ඇතුළත් කර තිබෙනවා. අපිට දැන් ඒවා අපේ යෝජනා කියන්නේ නෑ. ඒවා රජයේ යෝජන ලෙසයි විග්‍රහ කරන්නේ. ඒය රජයක් ලෙස ඉදිරිපත් කළ අයවැයක් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.