අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (15) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් වාචික ප්‍රශ්න අවස්ථාවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
2015 වසරේ දී පෝලියෝ රෝගය තුරන් කිරීමට නව වැඩපිළිවෙළක් ද හඳුන්වා දී ඇතැයි පිළිතුරු දුන් අමාත්‍යවරයා,වයස මාස 2 හා 4 දරුවන්ට එන්නත සම තුළට ලබා දීම අපහසු බව පිළිනොගන්නා බවත් මෙම ක්‍රමය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් බවත් එන්නත් ලබාදීමට කාර්යමණ්ඩලවලට පුහුණුවක් ලබාදී ඇති බවත් එන්නත් කිරීම සම්බන්ධයෙන් තවමත් ගැටළුවක් ඇති වී නොමැති බවත් අමාත්‍යවරයා පැවසී ය.