නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා උත්පාදනය වන ආර්ථිකයක් හදන වැඩපිළිවෙළ සකස් කරනවා

    නොවැම්බර් 11, 2016

    සමාජ අසමානතාවය වෙනස් කිරීමට කටයුතු කරන බවත් වසර 2020 දී  ප්‍රධාන ආර්ථික ඉලක්ක පහක් අරමුණු කරගෙන අයවැය ඉදිරිපත් කර තිබෙන බවත් රැකියා උත්පාදනය වන ආර්ථිකයක් හදන්නට වැඩපිළිවෙළ සකස් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ  විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

     

    ජනතාවට ඇහුම්කම් දෙන ආණ්ඩුවක් ලෙස ධානාත්මක  විවේචන සෘණාත්මක විවේචන ඇහුම්කම් දීලා සමහර තැන්වල තීරණ වෙනස් කළා. අමාරු තීරණ අපට ගන්න වුණා. සමහර අය රට ගැන හිතන්නේ නැතුව තීරණ ගත්තා .අපි අපේ බලය ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා තීරණ ගත්තා. ලෙඩ වූ  විනාශ වූ ආර්ථිකයක්, වසරක් ඇතුළත පළමු අඬිතලාම දමලා ආර්ථික ගමනක් යන තැනකට ඇවිත් තිබෙනවා. එය ජනතා ජයග්‍රහනයක්.

     

    රටට උරුම කර දුන් නිදහස් දඬමීමා කරගෙන මෙයට අකුල් හෙළන්නට කටයුතු කළා. ජනතාවට අවශ්‍ය දේ කළ නිසයි මෙය ජනතා ජයග්‍රහනයක් වෙන්නේ. වසර දහයක් නිර්මාණය කළ ප්‍රශ්නවලට විසඳුම් හෙව්වේ නෑ. මේ සමාජ ගැටළු මේ වසර තුළ නිර්මාණය වූ  ප්‍රශ්න නොවේ. හැම ප්‍රශ්නයක්ම ඒකාබද්ධ විපක්ෂයේ අය ඇමැතිකම් කරන කොට නියෝජනය නොකළ ප්‍රශ්නයි. වසර දහයක් තුළ ඇයි ප්‍රශ්න විසඳුවේ නැත්තේ?

    අද මිනිසුන්ට අපි ඇහුම්කම් දෙනවා.අයවැය දෙස බලා ධනාත්මක හා සෘණාත්මක විවේචනය කිරීම සාධාරණයි.

    අපි මිනිසුන් ගැන හිතලා කතා කරන්නේ.ඔබ නිර්මාණය කළ ප්‍රශ්නයට අපි කර ගසා තිබෙනවා. සමාජ අසමානතාවය වෙනස් කරන්නයි අපි කටයුතු කරන්නේ.අලුත් ආර්ථික වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමායි. අපි පාසල් සිසුන් සෑම කෙනෙකුටම රක්ෂණයක් ලබාදෙනවා.කොයි කාලෙක ද මේක දුන්නේ. නිවාස ලක්ෂ පහක් හදලා දෙනවා. විශ්වවිද්‍යාල දරුවන් ඇතුළත්වීම 50,000ක් කරනවා. අපි අයවැයේ කෘෂිකර්මාන්තයට මුල් තැන දී තිබෙනවා. 2020 දී  ප්‍රධාන ආර්ථික ඉලක්ක පහක් අරමුණු කරගෙන තිබෙනවා.අයවැය ඉලක්කය මෙම අරමුණ පහට යන්නටයි.සංවර්ධනය කේන්ද්‍රය වූ අයවැයක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya