නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනය සහ එකමුතුව රටක් ගොඩනැඟීමට අත්‍යාවශ්‍යයි - ජනපති

    නොවැම්බර් 10, 2016

    ජාතික සංහිඳියාව ඇති කරමින්, රට ගොඩනැගීමට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව ගෙන යන වැඩපිළිවෙළ ඇතැම් පිරිසක් අවබෝධ කරගෙන සිටියද එය අවබෝධ කර ගත නොහැකි වූ ඇතැම් පිරිසක් රට තුළ වෛරය, ක්‍රෝධය වපුරවමින් කඩාකප්පල්කාරී ලෙස හැසිරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මෙරට කීර්තිමත් සමාජ සේවකයෙකු වන සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (09) පස්වරුවේ රාවතාවත්ත, මොරටුව සර්වෝදය මධ්‍යස්ථානයේ පැවති සැමරුම් උත්සවයට එක්වෙමිනි.

     

    සමගිය, සදාචාරය, විනය සහ එකමුතුව සෑම විටම රටක් ගොඩනැගීමට අත්‍යාවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා බලය සෑමවිටම භාවිතා කළ යුත්තේ රටේ සහ ජනතාවගේ යහපත සඳහා බව ද කියා සිටියේය.

     

    සංහිඳියාව යන වචනය බොහෝ දෙනා අපහාසයට, උපහාසයට ලක් කරමින් විවේචන සිදු කළද රටේ අනාගතය පවතින්නේ එම වචනයේ යථාර්තය තුළ බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙලේදී ආදර්ශමත් චරිතයක් වූ ඒ.ටී ආරියරත්න මැතිතුමාගේ සමාජ මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වූ අතර එතුමාගේ 85 වන ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

     

    “මෙහෙවර – හරසර” නමින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ අතර ,මෙහෙවර හරසර, සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     

    ජනාධිපතිතුමා වෙත ද ඒ.ටී. ආරියරත්න මහතා විසින් සමරු තිළිණයක් පිළිගැන්වීය.

     

    අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, තලතා අතුකෝරළ, ජොන් සෙනෙවිරත්න, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද සැමරුම් උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya