“තත්කාලීන අභියෝග විසඳීම” යන්න මෙවර සමුළුවේ තේමාව වේ.
ආසියානු පැසිපික් කලාපයේ වෘත්තීමය කළමනාකාරිත්වය ප‍්‍රවර්ධනය කිරීම, පහසුකම් සැලසීම හා සහායවීම සඳහා ස්ථාපිත කර ඇති ආසියානු කළමනාකාරිත්ව සංගමයේ පූර්ණ සාමාජිකත්වය හොබවන ශී‍්‍ර ලංකා කළමනාකාරිත්ව ආයතනය ආසියානු කළමනාකාරිත්ව සංගමයේ ශී‍්‍ර ලංකාවේ එකම නියෝජිතායතනය වෙයි.
1988 වසරේ ස්ථාපිත කෙරුණු ශී‍්‍ර ලංකා කළමනාකරණ ආයතනය ශී‍්‍ර ලංකාව තුළ වෘත්තීමය කළමනාකාරිත්වය ප‍්‍රවර්ධනය කිරීමේ කාර්යයේ නිරත ව සිටින අතර මේ වන විට 1300ක පමණ සාමාජික සංඛ්‍යාවකින් සමන්විත එහි විවිධ වෘත්තිකයින් මෙන්ම රට ජාතිය වෙනුවෙන් කැප වූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් ද සාමාජිකත්වය ලබා ඇත.
ශී‍්‍ර ලංකා කළමනාකාරිත්ව ආයතනය සිය වාර්ෂික ප‍්‍රධාන කි‍්‍රයාකාරකමක් ලෙස ජාතික කළමනාකාරිත්ව සමුළුව 2014 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වනු ලබන අතර කාලීන වශයෙන් ඉතා වැදගත් මාතෘකාවන් පිළිබඳ විද්වත් වෘත්තීක මඩුල්ලක් මගින් සැසි වාර කිහිපයක් පවත්වමින් ප‍්‍රශ්න සහ උත්තර ලබාදීමේ සැසියක් ද සහිතව මෙම සමුළුව පවත්වනු ලබයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න, ශී‍්‍ර ලංකා කළමනාකාරිත්ව ආයතනයේ සභාපති මේජර් ජනරාල් උපුල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් ද සම්භාවනීය ආරාධිත පිරිසක් ද සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.