අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස ඉන්දීය ජාතික කෞතුගාරය නැරඹීමට ද එක් විය.
ඉන් අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ ඉන්දියානු මහාබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථානය වෙතයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් අනතුරුව එහි ගිය ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වන අතර විහාරාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද හිමිපාණන් වහන්සේ සහ ඉන්දීය ජාතික බෞද්ධ පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් පිළිගනු ලැබීය.
මල් පහන් පූජා කර ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපතිතුමා විහාරස්ථාන පරිශ‍්‍රයේ ඇති අනගාරික ධර්මපාල පිළිරුවට ද මල් දමක් පළඳවා පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර උන්වහන්සේ ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
නවදිල්ලි නුවර වාසය කරන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කතා බහක නිරත විය.