ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම රජයට ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා සියලු කලාකරුවන්ගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලා සිටියේය.
ජාතිය අවදිකළ මහා කලාකරුවෙකු වූ අභාවප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ අවමංගල උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පසුගිය 5 වැනි දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණු අතර එම අවමංගල උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ජනාධිපතිතුමා සිදු කළ සම්පූර්ණ ගුණ කතනය පහත පරිදි වේ.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් පිළිබඳ අද මුළු රටක් ශෝකයට පත්ව සිටින, දැඩි ලෙස සංවේගයට පත්ව සිටින ඉතාම ශෝකජනක වූ අවස්ථාවක්.
මීට දින දෙකකට පෙර එතුමාගේ අභාවය සැලවූ අවස්ථාවේ සිට, මේ රටේ සමස්ත ජනතාව ඒ වගේම රටින් පිටස්තරව සිටින ශී‍්‍ර ලාංකිකයින් එතුමා දන්නා හඳුනන විදේශ විද්වතුන්, රසිකයින් ඒ සෑම කෙනෙක්ම දැඩි ලෙස ශෝකයට සහ සංවේගයට පත්වූණා.
අමරදේවයන් ජාතිය අවදිකළ මහා යුග පුරුෂයෙක්. ඔහුට සම කළහැකි කලාකරුවෙක් මේ යුගය තුළ නොමැති බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැවසුවා. මම හිතන්නේ අපි කවුරුත් එය අවිවාදයෙන් පිළිගන්නවා.
අමරදේවයන් මීට දින දෙකකට පෙර අපෙන් සමුගත්තත් එතුමාගේ අභාවය එතුමාගේ දැක්ම, හඬ විශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ වූ වටිනාකම් නැවත ඉපදුණා කියලයි මම විශ්වාස කරන්නේ. එතුමා අමරණීයයි. එතුමාගේ හඬත් සමග ඒ දැක්ම ජීවමානයි කියා මම විශ්වාස කරනවා. මීට අවුරුදු 25 කට පමණ පෙර මම අමරදේවයන් වෙත ආරාධනා කළා පොළොන්නරුව වැනි දුෂ්කර ප්‍රදේශයකට පැමිණ පාසල් දරුවන්ට ඔබේ හඬ සහ දැනුම දෙන්න යම් මෙහෙවරක් කරන්න කියලා.
එතුමා ඉතා සිනාමුසු මුහුණෙන් කිසිදු කොන්දේසියක් නොමැතිව මගේ ආරාධනාව පිළිගත්තා. ඉන්පසු වරින් වර පොළොන්නරුව ප්‍රදේශයට ගියා. පාසල් දරුවන් සමඟ වැඩසටහන් රාශියක් කළා. ඒ ගිය අවස්ථාවල සන්ධ්‍යා යාමයේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ගලක් මත සඳ එළියේ එතුමාත් මමත් කථා කළා. එතුමා කථා කළේ පරාක්‍රම සමුද්‍රය පිළිබඳව. එතුමා කථා කළේ වෙහෙර විහාර දාගැබ් පිළිබඳව. එතුමා කථා කළේ මහා කෙත්වතු සමග ගොවි ජනතාවගේ ජීවිතය සහ කලාව, සාහිත්‍ය රසමුසුව එක්වන ආකාරය පිළිබඳව.
ඔහු මහා කලාකරුවෙක් විදියට ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් සම්මානවලට පාත්‍ර වුණා. ඔහුගේ හඬ සහ දැනුම සමග මේ රටේ සමස්ත ජනතාව විද්වතුන් ද, කලාකරුවන් ද දේශපාලනඥයින් ද, රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන් සාමන්‍ය ජනතාවද ඒ සියල්ලටම ඔහුගෙන් ලැබුණු රසිකත්වය තුළ ඔහු මහා කලාකරුවෙක් බවට පත්වුණා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජනතාව තුළ අමරදේවයන් පූජනීයයි. පූජනීය වස්තුවක් විදියටයි සලකන්නේ කියා මට කියන්න පුළුවන්.
අද දවසේ අපි එතුමා වෙත පූර්ණ රාජ්‍ය ගෞරව දැක්වීමටත්, සතියක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමටත් එතුමාගේ දේහයට මහජන ගෞරවය පුද කිරීම සඳහා මේ නිදහස් මන්දිරය තෝරා ගැනීමට අපි රජය විදියට තීරණය කළේ සැබෑ යථාර්ථවාදී මහා ශ්‍රේෂ්ඨ ඒ යුග පුරුෂයාණන්ට රජයක් විදියට දිය යුතු ඉහළම ගෞරවය සහ සැලකිල්ල ලබාදිය යුතු නිසයි.
ඒ වගේම තමයි එතුමා ගමන් කළ මාර්ගය සහ එතුමාගේ දැක්ම සමග මේ රටේ අනාගත පුරපුර ගොඩනැඟීම සඳහා මම හිතනවා විශ්වවිද්‍යාලය ක්ෂේත්රයේ, සෞන්දර්යය ක්ෂේත්රයේ ප්‍රවීණයින්ට වගේම අපේ ආදරණීය ප්රබුද්ධ කලාකරුවන්ට ඉතාමත් වගකීමක් සහ යුතුකමක් පැවරෙනවා අමරදේවයන්ගේ හඬ සහ දැනුම සමග ඒ උතුම් වටිනාකම් අනාගතයට ගෙන යාම සඳහා.
ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අපි බලාපොරොත්තු වෙනවා අමරදේවයන්ගේ නාමයෙන් අමරදේව කේන්ද්‍රයක්, කලායතනයක්, ජාතික මධ්‍යස්ථානයක් බිහි කරන්න. ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම රජයට ලබාදෙන ලෙස අපේ ආදරණීය ප්රබුද්ධ කලාකරුවන්ගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
අමරදේව ශූරින්ට නිවන් සුව අත්වේවා, නිවන් දකින්නට පෙර නැවතත් අපේ මව්බිමේ ඉපදේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ ගුණ කථනය අවසන් කරනවා.