නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් හමු වෙති

    නොවැම්බර් 07, 2016
    දෙදින ඉන්දීය නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මැතිතුමා අතර නිල හමුව ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි.
     
    ඉන්දීය ජනපති නිල නිවස වන රාශ්ඨපතිභවන් වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය ජනාධිපතිතුමා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර අනතුරුව රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහක නිරත විය.
     
    ඉන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් ද්වි පාර්ශවික සාකච්ඡා සඳහා එක් වූ අතර අතීතයේ සිට පැවතෙන ඉන්දු – ශ‍්‍රී ලංකා සබඳතා ශක්තිමත් බැඳීමකින් ඉදිරියට ගෙන යාම පිළිබඳ එහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya