හොංකොං වික්ටෝරියා වරාය අසබඩ පිහිටි හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේ ඊයේ (03) දා ආරම්භ වූ මෙම සමුළුව හෙටින් (05) අවසන් වේ. ජර්මනියේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ නීති සම්පාදකයන්, විද්වතුන්, ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගි වී සිටිති.
ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයන් සහ ජර්මානු ව්‍යවසායකයන් අතර සම්බන්ධතා ශක්තිමත් කරලීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව යුරෝපීය සංගමයේ ප්‍රමුඛත ම රාජ්‍යයක් වශයෙන් ජර්මනියට මෙන්ම ආසියා ශාන්තිකර කලාපයටත් මෙවර වඩාත් වැදගත් වනුයේ යුරෝපීය සංගමයෙන් බ්‍රිතාන්‍යය වෙන් වීමෙන් පසු පැවැත්වෙන මුල්ම සමුළුව මෙය බැවිණි.
15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා - ශාන්තිකර සමුළුවට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ ( 03) පෙරවරුවේ හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළින් හොංකොං නගරයට ළඟා විය.