නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැඳුම්කර විමර්ශනය අපක්ෂපාතී, ස්වාධීන අධිකරණ කි‍්‍රයාමාර්ගයකට - ජනපති

    නොවැම්බර් 03, 2016
    මහ බැංකු බැඳුම්කර පිළිබඳ සිදුවීමේ නිරීක්ෂණ සහ විමර්ශන කටයුතු සියලු දේශපාලන මැදිහත්වීම්වලින් තොරවිය යුතු අතර අදාළ පරීක්ෂණ අපක්ෂපාතී හා ස්වාධීන අධිකරණ කි‍්‍රයාමාර්ගයක් සඳහා යොමු කරන බව ජනාධිපතිතුමා පවසයි.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (03) පෙරවරුවේ මහරගම පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්ව ප‍්‍රවර්ධන වැඩසටහන අමතමිනි.
     
    තමා පැවති ආණ්ඩුවෙන් එළියට පැමිණ සියලුදෙනාගේ සහයෝගයෙන් නව ආණ්ඩුවක් බිහිකරමින් ජනාධිපති ධූරයට පත්වූයේ වැරදි කරපු කොටසකට දඬුවම් දීමටත් තවත් කොටසකට වැරදි කිරීමට ඉඩ දීමටත් නොවන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
     
    පාර්ලිමේන්තුවේ නීති රීතිවලට ගරු කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කෝප් කමිටුව අදාළ කටයුතු කරගෙන ගියද ඒ පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත්ව ඇති නමුත් නිසි අධිකරණ කි‍්‍රයමාර්ගයක් තුළින් නිවැරදි තීරණයක් ජනතාවටට ලබාදීමට හැකිවනු ඇති බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කෙතරම් අලුත් පක්ෂ හැදුවද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අභියෝග කිරීමට ඉතිහාසයේ ද කිසිවෙකුට නොහැකි වූ බවයි.
     
    සුබවාදී දේශපාලන අනාගතයක් කරා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙහෙයවමින් ඉදිරියේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමේ ගමන කුමන අභියෝග හමුවේ වුවද ජයග‍්‍රහණය කරා ගෙන යන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    මහරගම ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පුදකරමින් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්වීය.
     
    නව පක්ෂ සාමාජිකත්වය සඳහා කාඩ්පතක් හඳුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණු අතර එය ජනාධිපතිතුමා අතින් සංකේතවත්ව සාමාජිකයින් වෙත ලබාදෙනු ලැබීය.
     
    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya