නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය විශ්වවිද්‍යාලය නියෝජිත පිරිස් ජනපති හමු වේ

    නොවැම්බර් 02, 2016
    පසුගියදා සිදු වූ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ප‍්‍රධාන ආචාර්යවරුන් සහ ශිෂ්‍ය නියෝජිත පිරිසක් ඊයේ (01) ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමු වූහ.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    අදාළ සිදුවීම දැනගත් වහාම ජනාධිපතිතුමා ඒ පිළිබඳව තම බලවත් කණගාටුව ප‍්‍රකාශ කළ අතර අපක්ෂපාතී හා ස්වාධීන පරික්ෂණයක් පවත්වන ලෙස ද බලධාරින්ට නියෝග කර තිබුණි.
     
    ඊයේ පැවති හමුවේදී සිසුන් කළ ඉල්ලීම අනුව පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව කඩිනම් කිරීමට ද නීතිපතිවරයා වෙත ෙඋපදෙස් දුන් ජනාධිපතිතුමා එම වාර්තාව ලැබුණු වහාම අදාළ සිසුන්ගේ පවුල්වලට වන්දි මුදල් ගෙවන බව ප‍්‍රකාශ කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya