නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගේ අර්ථසාධක අරමුදල්,පාරිතෝෂික අරමුදල් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. පාරිතෝෂික හිඟ මුදල් ලබාදීමට කටයුතු කරනවා. එය ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් සිදු වෙනවා.
ලංගමය සේවකයන් බඳවගැනීමේ ස්ථනයක් බවට පත් වෙලා තිබුණා. එක බස් රථයකට සේවකයන් හතක් සිටිනවා. ඒ නිසා ස්වෙච්ඡවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙලක් හඳුන්ව දුන්නා. ඒ අනුව හත් දහසක් පමණ විශ්‍රාම ගැන්වේවි කියා බලාපොරොත්තු වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.