නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිඹුලාගල 19 ඇළ සිරි සීලාලංකාර නාහිමිගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

    ඔක්තෝබර් 25, 2016

    පවුල් විසි පහකට හිසට සෙවණ සලසමින් “සැමට සෙවණ” නිවාස වැඩසටහන යටතේ ඉදිකෙරුණු පොලොන්නරුව, දිඹුලාගල 19 ඇළ සිරි සීලාලංකාර නාහිමිගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පවරාදීම ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිලුකා ප්‍රියදර්ශනී මහත්මියගේ අංක 9 නිවස විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර එම පවුලේ සාමාජිකයින් සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.

    නිවාසලාභීන් වෙත සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්වූ අතර ඇස්කණ්නාඩි ප්‍රදානය, වියළි ආහාර ද්‍රව්‍ය ඛෙදාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක විය.

    ගිනිසීරියා පැළ සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ආදර්ශ ගම්මානය තුළ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ අතුකෝරාල, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya