නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන ජීවිතය තමාට පරමාදර්ශයක් - නේපාල අගමැති

    ඔක්තෝබර් 17, 2016
    බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් (BRICS – BIMSTEC) සමගාමී සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක්  ඊයේ (16) පැවැත්විණි.
     
    පළමුව ජනාධිපතිතුමා හමු වූයේ නේපාල අග‍්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල් මහතායි.
     
    නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවෙන් ලැබෙන සහාය කෘතවේදීව සිහිපත් කළ නේපාල අග‍්‍රාමාත්‍යවරයා, ලුම්බිණියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද ශ‍්‍රී ලංකා රජයට සිය ස්තූතිය පළ කළේය.
     
    මෙහිදී මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත තම පෞද්ගලික ප‍්‍රසාදය පළ කළ නේපාල අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන ජීවිතය තමාට පරමාදර්ශයක් බවයි.
     
    සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඉක්මනින් පැවැත්වීමට ලැබෙනු ඇතැයි මෙහිදී සිය විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා සියලු සාර්ක් රටවල් එක්ව ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.
     
    ඉන් අනතුරුව භූතාන අග‍්‍රාමාත්‍ය ශරීන් ටෝබ්ගේ Shering Tobgay මැතිතුමා සහ ජනාධිපතිතුමා අතර නිල හමුව සිදු විය.
     
    ශ‍්‍රී ලංකාව සහ භූතානය අතර මිත‍්‍රත්වයේ පදනම බෞද්ධ දර්ශනය බව සඳහන් කළ භූතාන අග‍්‍රාමාත්‍යවරයා භූතානයේ බෞද්ධ අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.
     
    ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් භූතානය වෙත පරිත්‍යාග කරන ලද බෝධි අංකුරය රෝපණය කිරීමේ උත්සවයට සහභාගීවීමට භූතානයට පැමිණෙන ලෙස භූතාන අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිතුමා වෙත ආරාධනා කළ අතර ලබන වසරේ ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලට සහභාගිවන ලෙස ජනාධිපතිතුමා භූතාන අග‍්‍රාමාත්‍යවරයා වෙත ඇරයුම් කළේය.
     
    මේ අතර බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගී වී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් ගෝවා ප‍්‍රාන්තයේ මහ ඇමති Laxmikant Parsekar මහතා විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග‍්‍රහයක් ද ඊයේ  (16) දහවල් ගෝවා නගරයේ Leela හෝටලයේ දී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපතිතුමා එක් විය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya