ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දිගු අරගලයක් කළ සුවිශේෂී නායිකාවක් වු අවුන් සාන් සුකී මහත්මියගේ වැඩපිළිවෙළ අගය කළ ජනාධිපතිතුමා ශී්ර ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ද අවුන් සාන් සුකී මහත්මිය වෙත ආරාධනා කළේය.
ශී්ර ලංකාව තුළ සිදු කරමින් පවතින ප්රජාතන්ත්රවාදී පරිවර්තනය ඇගයීමට ලක් කළ අවුන් සාන් සුකී මහත්මිය ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන ගමන් මග පිළිබඳ තම ප්රසාදය පළ කර සිටියාය.
එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව පැවසූ සුකී මහත්මිය මහනුවර ඓතිහාසික දළදා මාළිගාව සඳහා මියන්මාරයෙන් ඇත් පැටවෙකු ලබාදීමට ද කැමැත්ත පළ කළාය.