ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගිතා සමුළුව රටවල් 34 ක සහභාගිත්වයෙන් ඊයේ (08) සිට ලබන 10දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙයි.
ආසියානු කලාපයට බලපාන විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපන, ආහාර සුරක්ෂිතතාවය, බලශක්තිය සහ ජලය, සංස්කෘතික හා සංචාරක කර්මාන්තය සහ තිරසාර සංවර්ධනය ආදී ක්ෂේත්‍ර 20ක් සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කෙරේ.